fbpx

අප හා සම්බන්ධවන්න

අප ගැන

අපගේ කාර්‍යභාරය වන්නේ මිනිසුන්ගේ ජීවිතවල ධනාත්මක වෙනසක් ඇති කිරීමයි. එසේම සංකීර්ණ සිදුවීම් පිළිබඳ අවබෝධය ප්‍රවර්ධනය කරමින් ජනතාව වෙත සරළව සහ නිවැරදිව කරුණු සහ තොරතුරු ප්‍රවර්ධනය කිරීම අප අරමුණ වී තිබේ. 

සංවාදයට සහ සාමය ගොඩනැගීමට දොරටු විවර කිරීමත් ගුණාත්මක මෙන්ම විශ්වාස කළ හැකි කරුණු සහ තොරතුරු ඔබ වෙත සම්ප්‍රේශණය කිරීමත් අප ප්‍රමුඛ කාර්‍ය කොට සලකන්නෙමු. 

සදාචාර විරෝධී දේශපාලනය, ව්‍යාජ ප්‍රවෘත්ති හා වෛරී ප්‍රකාශණ සහ පක්ෂග්‍රාහී අර්ථකථන, අහිතකර ලෙස මහජන මතයට බලපෑම් කිරීම හමුවේ මාධ්‍ය කලාව ප්‍රහාරයටත් අභියෝගයටත් ලක්ව තිබේ. 

ප්‍රවෘත්තිවල සත්‍යය, අවංකභාවය, ආචාර ධාර්මිකත්වය සහ සදාචාරය වෙනුවෙන් කැපවීමත් මාධ්‍ය කලාවේ අනාගතය වෙනුවෙන් පෙනී සිටීමත් අප වගකීම කරගෙන සිටිමු. 

එම වගකීම තහවුරු කරනු වස් අප වෙබ් අඩවිය ශ්‍රී ලංකා වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ, ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ සහ ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ ආචාර ධර්ම මාලාවන් මත පදනම්ව අප කතෘ මණ්ඩලය විසින් ක්ෂේත්‍රයන් හි වියතුන් සමඟ එක්ව සකසන ලද පහත වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය අනුව වාර්තා කිරීම් කරනු ඇත.

එසේම මෙම වෙබ් මාධ්‍ය ආචාරධර්ම සංග්‍රහය වැඩිදියුණු කිරීමට ජාත්‍යන්තර පර්යේෂණ හා හුවමාරු මණ්ඩලය (IREX) විසින් ක්‍රියාත්මක කරන වැඩසටහන MDP යටතේ පරියේශණ සහ විද්වත් සහය ලැබී ඇත.

මෙම වෙබ් මාධ්‍ය ආචාරධර්ම වෙත අනුකූල වීමේ මූලික වගකීම වෙබ් අඩවියේ පළවන ලිපි, විශේෂාංග, ප‍‍්‍රවෘත්ති, තොරතුරු, ජායාරූප, හඬ පට සහ වීඩියෝ යන සියළුම තොරතුරු වලට අදාළ වේ.

පිළිතුරු දීමේ අයිතිය

මෙම වෙබ් අඩවියේ පල වන යම් පුවතක් හේතුවෙන් ඔබ අපහසුතාවයට පත් වුයේ නම් ඒ පිළිබඳව පිළිතුරු දීම සඳහා ඔබට ද අයිතියක් තිබේ.

email: [email protected]
WhatsApp: +94765109243

දැන්වීම් සදහා කොන්දේසි

  • අසීමිත දර්ශණය කිරීම් සහ අසීමිත ක්ලික් කිරීම්.
  • අවශ්‍ය ඕනෑම වෙලාවක දැන්වීම් බැනරය ලින්ක් එක ආදිය වෙනස් කිරීමට හැක.
  • ගොසිප් වෙබ් අඩවි,අන්තර්ජාලයෙන් මුදල් ඉපයීම්, පිරමිඩා කාර මුදල් ක්‍රම, වංචනික වෙළද නාම හා වැඩිහිටියන්ට පමණක් දර්ශන ඇතුලත් වෙබ් අඩවිවල දැන්වීම් බාර නොගනී.
  • සියලු දැන්වීම් මුදල් ගෙවීමෙන් පසුව පලකරයි.
  • දැන්වීම් පල කරන අය මුදල් ගෙවීමෙන් පසු e-mail මාර්ගයෙන් බැනරය හා ලින්කුව එවිය යුතු වන අතර දුරකථන අංකයක්ද ලබා දිය යුතුය.
  • දැන්වීමේ කාල පරාසය ඉවර වූ පසු එයට කලින් දින e-mail මාර්ගයෙන් හෝ දුරකථන මාර්ගයෙන් දැනුම් දෙනු ලැබේ.
  • නියමිත දිනට මුදල් ගෙවීම කල නොහැකි වුවහොත් බැනරය ඉවත් කරනු ලැබේ.
  • පහත ලින්ක් එක මත ක්ලික් කර අපගේ වෙබ් අඩවිය පිලිබද වැඩි විස්තර ලබා ගත හැක.