Info Sri Lanka

කොවිඩ්-19 නිසා ජෝන් කීල්ස් සමූහයට දැනටම බිලියන 2ක් පාඩුයි.

ශ්‍රී ලංකාවේ විශාලතම විවිධාංගීකරණය වූ ලැයිස්තුගත සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නවතම මූල්‍ය ප්‍රතිඵල පසුගියදා (29) ප්‍රකාශයට පත්කරන ලදී. ඒ අනුව සමූහයේ ආදායම පෙර වසරට සාපේක්ෂව රු. බිලියන 31.74 සිට රු. බිලියන 21.60 දක්වා 32% කින් පහළ ගොස් ඇත.

2020/21 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ දී පොලී, බදු, ක්ෂය හා ක්‍රමක්ෂය අඩුකිරීමට පෙර සමූහයේ ඉපැයීම් රු .මිලියන 802 ක් ලෙසින් වාර්තා වේ. මෙය පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ අගය වූ රු. බිලියන 3.57 හා සැසඳීමේ දී 78% ක පහළ යාමකි.

මෙම පසුබිම තුළ 2020/21 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව තුළ දී සමූයේ බදු ගෙවීමට පෙර ලාභය සෘණ අගයයක් ගෙන තිබේ. එනම් රු. බිලියන 2.43 ක අලාභයකි. පූර්ව මූල්‍ය වර්ෂයේ මුල් කාර්තුවේ දී සමාගම වාර්තා කර තිබූ බදු පෙර ලාභය රු. බිලියන 1.36 කි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති ක්‍රිෂාන් බාලේනද්‍ර මහතා පවසන්නේ, අපේක්ෂා කළ පරිදි රට අගුළු (lockdown ) දමා තිබූ කාලපරිච්ඡේදය, සමූහයේ කාර්යසාධනය කෙරෙහි පැහැදිලි වශයෙන් බලපෑම් කර ඇති බවයි. කෙසේ වෙතත් මැයි මාසයේ මැද සිට මෙම lockdown  නීතිරීති ලිහිල් කිරීමත් සමඟ ප්‍රවාහන, පාරිභෝගික ආහාර, සිල්ලර, මූල්‍ය සේවා ව්‍යාපාරවල දක්නට ලැබුණු කාර්යසාධනය අනුව බලාපොරොත්තු වූවාට වඩා ඉක්මනින් යථා තත්ත්වයට පත්වන ස්වභාවයක් පෙන්නුම් කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.