Info Sri Lanka

මහරගමට ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක්!

රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලන මහරගම නගරයේ පහසුකම් දියුණු කර දෙස් විදෙස් ජනතාවට රෙදිපිළි සහ අනෙකුත් අනෙකුත් භාණ්ඩ මිල දී ගත හැකි ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට සැලසුම් සකස් කෙරෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. පසුගිය දා තලවතුගොඩ දී පැවති ජනහමුවක දී අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

“මහරගම නගරය රෙදිපිළි ආශ්‍රිත කර්මාන්ත සඳහා ප්‍රසිද්ධියක් උසුලනවා. මහරගම නගරයේ පහසුකම් දියුණු කරලා දෙස් විදෙස් ජනතාවට රෙදිපිළි සහ අනෙකුත් අනෙකුත් භාණ්ඩ මිල දී ගන්න පුළුවන් ජාත්‍යන්තර වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කරන්න අපි සැලසුම් කරගෙන යනවා. එමගින් මහරගම සහ ඒ අවට ජනතාවගේ ආර්ථික තත්ත්වය ඉහළ නංවන්න පුළුවන්.“

“ඒ වගේම ජනතාවගේ නිවාස ගැටළුවලට විසඳුම් ලබා දෙන්න සියලු දෙනා නිවාස හිමියෙක් කරන්න පෞද්ගලික අංශය සමග එකතු වී කටයුතු කරනවා. 69 ලක්ෂයක් ජනතාව අනුමත කළ සෞභාග්‍යයේ දැක්ම තුළ මෙවැනි ගැටළුවලට විසඳුම් ඇතුළත් වෙනවා.“

Related posts

කප්පම් ඉල්ලූ මර්වින්ගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට

administrator

කැබිනට් , රාජ්‍ය ඇමතිකම් දුන්නේ මෙහෙමයි

administrator

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.