Info Sri Lanka

ඩිස්නිට ජනප්‍රිය නළුවෙක්ගෙන් හොඳ කනේ පාරක්!

නව පරපුරේ ජනප්‍රිය නිළියක්, නිරූපිකාවක් ලෙස ඇයව හඳුන්වන්න පුළුවන්. ඇය ඩිස්නි රාජපක්‍ෂ. මේ දවස්වල අපට ඩිස්නි හමුවන්නේ ‘සත්‍යා’ ටෙලිනාට්‍ය හරහා. ඉතින් ඩිස්නි ළඟදීම රිදී තිරයටත් එන බවයි ආරංචිය. ඉතින් ඒ කරුණු කාරණා සියල්ල ගැන ඇත්ත නැත්ත සොයා බලන්න අපි ඩිස්නිට කතා කළා.

මේ දවස්වල ‘සත්‍යා’ ගැන ගොඩදෙනෙක් කතාබහ වෙනවා නේද?

මගේ රංගන ජීවිතයේ තවත් හැරවුම් ලක්‍ෂ්‍යක් විදියට ‘සත්‍යා’ හඳුන්වන්න පුළුවන්. ගොඩදෙනෙක් ‘සත්‍යා’ ගැන තමයි අහන්නේ. මම හිතුවාට වඩා හොඳ ප්‍රතිචාර ‘සත්‍යා’ ටෙලිනාට්‍යයේ ‘සාක්‍යා’ට ගොඩදෙනෙක් ආදරය කරනවා. ඒ සදාතනික බැඳීමට මමත් ආදරය කරනවා.

ඔබ නව පරපුරේ දක්‍ෂ රංගන ශිල්පීන් රැසකගේ පෙම්වතියක් වීම ගැන මොකද හිතෙන්නේ?

මම මුලින්ම ටෙලිනාට්‍යයක දසුන් පතිරණ සමඟ රඟපෑවේ. ඒත් ඒ ටෙලිනාට්‍යය මොකක්දෝ මන්දා හේතුවකට විකාශය වුණේ නැහැ. ඉන්පසු නවපරපුරේ දක්‍ෂ ශිල්පීන් රැසකගේ පෙම්වතිය ලෙසට මාව තෝරාගත්තා. දැන් මගේ පෙම්වතා විදියට රඟපාන්නේ රොෂාන් රවීන්ද්‍ර අයියාම තමයි. ඔහුගෙනුත් රංගනය කියන දේ ගැන බොහෝ දේවල් මම ඉගෙනගනිමින් ‘සත්‍යා’ ටෙලිනාට්‍යයේ රඟනවා.

‘රාවණ’ ටෙලිනාට්‍යයේ පළමු අදියරේ ඔබේ විශේෂ රංගනයක් අප දුටුවා. එහෙත් ඔබ රාවණ දෙවන අදියරේ නැහැ?

ඇත්තටම රාවණ ටෙලිනාට්‍යය වෙනුවෙන් මම විශේෂ කැපකිරීමක් කළා. ඒ වෙනුවෙන් විශේෂ කඩු සටන් පුහුණුව පවා සිදුකළා. මම රාවණගේ පුංචි අම්මා ලෙසට තමයි රඟපෑවේ. රාවණ දෙවන අදියරේ කොටස් කිහිපයකට හිටියා. ඒත් පසුකාලීනව මගේ චරිතය ගලාගෙන ගියේ නැහැ.

ඩිස්නි ටෙලිනාට්‍ය නිළියක් ලෙසට අප දුටුවාට සිනමාවේ තවම ඔබේ රංගනයන් දැකගැනීමට ප්‍රමාද ඇයි?

මේ වන විට චිත්‍රපට දෙකක විතර ප්‍රධාන චරිත රඟපෑවා. සංජය නිර්මාල් අධ්‍යක්‍ෂණය කළ ‘ආලයේ කොරෝනා’ චිත්‍රපටයත්, සුදේශ් වසන්ත පීරිස්ගේ ‘සීරුවෙන්’ චිත්‍රපට සඳහා එකතු වුණා. ලබන මාසයේ සංජය නිර්මාල්ගේ ‘ආලයේ කොරෝනා’ චිත්‍රපටය තිරගත වෙනවා.

ඔබ දරු පරපුරකගේ ගුරුවරියක් නිසා චරිත තෝරා ගැනීමේදී විශේෂත්වයක් දක්වනවා ඇති?

අනිවාර්යයෙන්ම නිර්මාණ රැසකින් මට ආරාධනා ලැබුණා. ඒ අතරින් තෝරා බේරාගෙන මටත් යමක් කළ හැකි හොඳ නිර්මාණ පමණයි මම භාරගන්නේ.

ඔබ යන තැන ඔබේ පෙම්වතා පස්සෙන් කියන්නේ ඇත්තද?

කවුද අනේ ඔය බොරු ගොතන්නේ. කවදාවත් මගේ පෙම්වතා එහෙම එන්නේ නැහැ. මම එන්න කිව්වොත් විතරයි ඔහු මගේ වැඩවලට එන්නේ. ඔහු දන්නවා මම එක්ක ගියාම මගේ වැඩ කරන්න අපහසු බව. මොකද ඔහු ගැනත් බලන්න ඕනෑ. ඒ විතරක් නෙවේ එයත් පැත්තකට වෙලා ඉන්නකොට මටත් හරිම දුකයි ඉතින්. ඔහු උපරිම නිදහස මට දීලා තියෙන්නේ මගේ වැඩකටයුතු කරගෙන යන්න. ඔහුගෙන් කිසිම බාධාවක් නැහැ මට.

පසුගිය කාලේ ජනප්‍රිය නළුවෙක්ගෙන් හොඳ කනේ පාරකුත් කෑවා නේද?

අම්මෝ එය අදටත් මතකයි. ‘හිතුවක්කාරයා’ ටෙලිනාට්‍යයේ මගේ පෙම්වතාට රඟපෑවේ ගයන් අයියා. ඔහුත් එක්ක බැඳුණු ඒ ආදර කතාවට තමයි කන රත් වෙන්න කනේ පාරක් කෑවේ. මම කොල්ලෙක්ගෙන් ගුටි කාපු පළමු අවස්ථාව එය තමයි.

ඔබ නිරූපිකාවක් විදියට ලංකාව නියෝජනය කරමින් පැජන්ට් ජයග්‍රහණය කළා. ඉදිරියේදි ෆැජන්ට් සඳහා යොමු වීමට අදහසක් නැද්ද?

මම මේ ක්‍ෂේත්‍රයට මුලින් සම්බන්ධ වූයේ නිරූපිකාවක් විදියට. ඒ හරහා 2019 වර්ෂයේ මිස් ශ්‍රී ලංකා කිරුළ දිනාගත්තා. අන්තර් ජාතික තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත්තා. ඉතින් මට හිතෙනවා දැන් ඇති කියලා. ඒ නිසා මම ෆැජන්ට් පැත්තට සමුදීලා තියෙන්නේ.

වර්තමානයේ මේ ක්‍ෂේත්‍රයට එකතු වුණු නිරූපිකාවක් ගැන විවිධ කතා අසන්නට ලැබෙනවා. එය ගැන ඔබත් කලකිරීමෙන්ද ඉන්නෙ?

සමහර නිරූපිකාවන් කරන වැඩ නිසා අපිටත් නිරූපිකාවක් කියන්න බැරි තරමට මෙම ක්‍ෂේත්‍රය පිරිහිලා ගිහිල්ලා. එය කනගාටුදායක තත්ත්වයක්. මේකප් කරලා, පැහැය වැඩිවුණු පළියට හැමෝටම නිරූපිකාවන් වෙන්න බැහැ. එය ගැන මනා දැනුමක් තිබිය යුතුයි. ඒ වෙනුවෙන් කැපකිරීමක් කළ යුතුයි. මම හිතන විදියට ජීවිතය වරද්දගත්ත, අඩු අධ්‍යාපනයක් තිබෙන අය තමයි වර්තමානයේ නිරූපණ ක්‍ෂේත්‍රයේ ඉන්නෙ. ඔවුන් කරන අශෝභන වැඩ නිසා අපිත් හෑල්ලුවට ලක්වෙනවා.

කලාව අතහැරලා විදේශගත වීමට සූදානම් වෙනවා කියන්නේ ඇත්තද?

මගේ අධ්‍යාපන කටයුතු යම්තාක් දුරට සීමා කරලා තමයි මම ලංකාවට ආවේ. තව මට ඉගෙන ගැනීමට ගොඩාක් දේවල් තිබෙනවා. ඒ නිසා මම විදේශගත වෙනවා. එහෙම වුණා කියලා මම කලාවෙන් ඈත් වෙන්නේ නැහැ. මෙයටත් වඩා හොඳ නිර්මාණවලට මම සම්බන්ධ වෙයි ලංකාවේ නැති වුණත්.

[වසන්ත විතාරණගේ]

Related posts

ස්ත්‍රීත්වය කියන්නෙම පිරිමින්ගේ නිර්මාණයක්!

administrator

සුදේව සහ රංගන හිරු අතහරී : දෙපළම ස්වර්ණවාහිනියට

Editor

Nayomi Thakshila

Admin

Madhavee Wathsala Anthony

Admin

Shanudrie Priyasad

Admin

Suwini Aloka

Admin

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.