Info Sri Lanka

නලු නිලියන්ට ඇයි මෙච්චර පීඩනයක්!

ඔබ අප සෑම කෙනෙක්ම අගය කිරීමක් ලැබීමට කැමතියි. ප්‍රශංසාව, ඇගයීම මේ කාරණා අතිශය සියුම් නමුත් අත්‍යවශ්‍ය දේවල්. කෙනෙක් සිනහ වී සිටි පමණින් ඔහු හෝ ඇය සතුටින් යැයි නිගමනය කිරීමට එය ප්‍රමණවත් සාධකයක් නොවන වග පසුගිය (14) දා මෙලොවින් සමු ගත් ප්‍රවීණ එමෙන්ම දක්ෂ ජනප්‍රිය බොලිවුඩ් තරුවක් වූ සුෂාන්ත් සිං රාජ්පුත් ඔප්පු කළා. සිය දිවි නසා ගැනීම සාධාරණීකරණය කරන්නම බැහැ. නමුත් ඇයි එහෙම වුණේ කියන කරුණ පිළිබඳව ආයෙ ආයෙත් අවධාරණය කිරීම තුළ තවත් සුෂාන්ත් කෙනෙක් බේර ගන්න අපිට හැකි වනු ඇති.

නමුත් නිළියන්ට ඇයි මෙච්චර පීඩනයක්!

මතුපිටින් බලන විට අපිට පෙනෙන්නේ ජීවිත කාලය පුරාම දැකපු නලු සිහිනය වෙනුවෙන් ඇවිත් එය ජයග්‍රහණය කළ සාර්ථක පුද්ගලයෙක්. නමුත්, ඒ සාර්ථක කතාව පිටුපස ඇති පීඩනය ඔබට මට එක වර වැටහෙන්නේ නැත.

වෘත්තිය ඇතුළේ තීන්දු තීරණ ගන්න එක ස්වාධීන හිමිකාරීත්වය නලුවට හෝ නිළියට අයිති නෑ. අධ්‍යක්ෂවරයා හෝ නිෂ්පාදකවරයාගේ අභිමතය පරිදි පිටපතට අනුව සිය දක්ෂතාව මෙහෙයවීම තමයි මූලිකවම සිදුවන්නේ. මේක හිතන තරම් ලේසි වැඩක් නෙවෙයි.
රැකියාව තුළ වෙනසක් අවශ්‍ය නමුත් ක්ෂණිකව සිදුවන ඉක්මන් වෙනස්කම් මනුස්සයෙක්ට දරාගැනීමේ හැකියාව පවතින්නේ සීමිතව. සෙට් එක වෙනස් වෙනවා, වැඩකරන්නේ කාගෙ යටතේද කියන දේත් නිරන්තරව වෙනස් වෙනවා. කොටින්ම පිටපතෙන් පිටපතට තමාවම වෙනස් කරගන්න වෙනවා.

සමහර වෙලාවට අකමැති චරිතයකට පණ පොවන්න ඉන්නවනම් ඒ චරිතයට අනුකූලව හැසිරෙන්න පුරුදුවෙන්න ඕනෑ. ඒ ඒ චරිත ලක්ෂණ නිතැතින්ම සාමාන්‍ය ජීවිතයටත් බලපෑම් කරන්න ගන්නවා. ඉතින් ඊට පස්සේ මේක වදයක් බවට පත් වෙනවා. ඒකත් ප්‍රශ්නයක් තමයි.

සම්මානයක් ගත්තොත් සෑහෙන්න හොඳ කියනවා. ඒත් ඉතින් නිර්දේෂිත නාමයක් අතරටවත් පැණ ගන්න බැරි වුනොත්! අගය කරන්න කවුරුවත් නැති වෙනවා. කොටින්ම නිවසින් පවා.

ලිංගික අල්ලස් කියන දේ සිනමාවත් එක්ක ගෑවී නොගෑවී එන මාතෘකාවක්. ඒ පීඩනය නිසාම බොහොමයක් ජීවිත නැතිවෙලා තියනවා.
නිරන්තර විවේචනය කියන්නේ ඔලුව විකාර කරවන තවත් දෙයකට. සමාජයෙන් විචාරකයන් වගේම තමන් විසින්ම තමන්ව විවේචනය කරන එකෙනුත් බේරෙන්න සැහෙන්න මහන්සියක් ගන්න ඕන.

තරගකාරීත්වය! හැම දෙයක් එක්කම තරගය බැඳී පවතිනවා. සිනමාව කියන්නේ තරගයෙන් හෙම්බත්වෙන තැනකට. ඉතින් මේ රේස් එක පැරදුනොත් ආයෙ ගොඩ එන්න හරි අමාරු හින්දම විවිධාකාර උපක්‍රම භාවිතා කරන්න සිද්ධ වෙනවා. පීඩාවක් නෙවෙයිද ඒක.

ඉතින් ඔබම හිතන්න. නලුවෙක් නිලියක් වෙන එක කොච්චර අමාරුද, ඊටත් වඩා ඒ විදියට පීඩනයකින් තොරව පවතින එක කොච්චර අමාරුද? සමහර විට සුෂාන්ත්ට කතාකරන්න තිබුණ දේවල් බෙදාගන්න කෙනෙක් නොසිටියා වෙන්න පුලුවන්. මිය යන්නට පෙර තමන්ගේ සහෝදරියට ඇමතුමක් ගත්තත්, ඒ අවස්ථාව වන විට සිය නිවසේ තව යාලුවො දෙන්නෙක් ඉඳලත් සුෂාන්ත්ගේ හිත කාටවත් නොතේරුණ හැට

ලෝකෙ වෙනස් කරන්න කලින් ළඟ ඉන්න කෙනා දිහා බලන්න. එයා හිනාවෙලා නම් ඉන්නේ, ඒ ඇත්තටමද කියලා පොඩ්ඩක් අවධානය දෙන්න. මොකද සිය දිවි නසාගත්ත ගොඩක් අය ඊට මොහොතකට පෙර ඉඳියේ හිතාගන්නවත් බැරි විදියේ හිනාවකින් මූණ සරසාගෙන.

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

විටින් විට මතුවී රටම පාරන වකුගඩු ජාවාරමේ නොදත් කතාව

administrator

මහමැතිවරණයෙන් වියත්මඟට මොකද වුණේ?

administrator

මහින්ද කියන්නේ නමක් නෙමෙයි; රාජ-පක්ෂයක්!

administrator

කොළඹ වරාය නැගෙනහිර ජැටිය රැකගැනීම: අවසන් නොවීය; විරාමයක් පමණකි.

administrator

සජිත් ඉවරයිද?

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.