Info Sri Lanka

ලොව ළාබාලතම ක්‍රීඩා සමාජ හිමිකාරිය මෙන්න.

පාපන්දු කණ්ඩායමක හිමිකාරීත්වය දරන ලොව ළාබාලතම පුද්ගලයා වන්නට අංක එකේ ටෙනිස් ක්‍රීඩිකා සෙරීනා විලියම්ගේ දෙහැවිරිදි දියණිය වූ ඇලෙක්සිස් ඔලිම්පියා සමත් ව තිබේ. ඒ කැලිෆෝනියා හි ‘ඒන්ජල්ස්’ ක්‍රීඩා සමාජයේය.

සෙරීනාගේ සැමියා වූ ඇලෙක්සිස් ඕමන් සමගින් සම අයිතිකාරීත්වයක් හිමි ඔලිම්පියා නිසා එම පාපන්දු ක්‍රීඩා සමාජයට වසන්තය උදාවනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. මෙම නව හිමිකාරීත්වය සම්බන්ධයෙන් සෙරීනා තම ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ සටහනක් තබමින් තම දියණියගේ ගිණුම වෙතද යොමුවක් සඳහන් කර තිබිණි. දෙහැවිරිදි ඔලිම්පියාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේද අනුගාමිකයන් ලක්ෂ 6කට අධික සංඛ්‍යාවක් සිටියි.

අදාළ හිමිකාරිත්වයෙන් අනතුරුව ‘ඒන්ජල්ස්’ ක්‍රීඩා සමාජයේ පළමු තරගාවලිය ‘ලොස් ඇන්ජලීස්’ කාන්තා පාපන්දු තරගාවලිය වේ.

Related posts

බ්‍රසීලය කොවිඩ් මරණ ලක්ෂය ඉක්මවයි

administrator

ඉඳුල් කරන්න එන්නැයි මෝඩිගෙන් මහින්දට අමුතු ආරාධනාවක්!

administrator

ලෙබනනයට පැමිණි ලෝකයේ සුන්දරම මිනිසුන්

administrator

සාක්ෂි අනුව තරග පාවාදීමක් සිදුව නැහැ- විමර්ශන කටයුතු අවසන්

sithara

ලොව විශාලතම මත්පෙති තොගය ඉතාලියෙන්

sithara

කුමාර් සංගක්කාර විශේෂ විමර්ශන ඒකකයට

sithara

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.