Info Sri Lanka

විදෙස්ගතව සිටි තවත් ලාංකියයින් පිරිසක් අද දිවයිනට

කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය හේතුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රටවල් 03ක රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 91 අද දිවයිනට පැමිණියහ.

ඔවුන් රැගත් විශේෂ ගුවන් යානා 04 ක් අද (02) උදෑසන කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබේ.

ඉන් පළමු ගුවන් යානය කටාර් රාජ්‍යයේ සිට පැමිණි අතර එහි ලාංකිකයන් 21 දෙනෙකු සිටි බව අප වාර්තාකරු පැවසීය.

මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් රැගෙන ගුවන් යානා දෙකක් මෙරටට පැමිණ ඇති අතර ඉන් පළමු ගුවන්යානය මගීන් 61 දෙනෙකු ද දෙවන ගුවන්යානයේ මගීන් 08 දෙනෙකු ද පැමිණ ඇත.

තවත් ගුවන් යානයකින් අබුඩාබි නුවර සිට එක් ගුවන් මගියෙකු පැමිණ තිබේ.

මෙම ගුවන් මගීන් සියලු දෙනාම කටුනායක ගුවන්තොටුපළ තුළදී පී.සී.ආර්.පරීක්ෂණ සඳහා යොමුකර ඇත.

Related posts

කප්පම් ඉල්ලූ මර්වින්ගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට

administrator

කැබිනට් , රාජ්‍ය ඇමතිකම් දුන්නේ මෙහෙමයි

administrator

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.