Info Sri Lanka

ආගමික ස්ථානවල මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා භාවිතා නොකරන ලෙස ඉල්ලීමක්

මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා ආගමික ස්ථාන භාවිතයට ගැනීමෙන් වළකින ලෙස පැෆ්රල් සංවිධානය ඉල්ලීමක් කර සිටියි.

ඔවුන් පවසා සිටින්නේ 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 (2) අනුව ආගමික ස්ථානවල මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදුකිරීම මැතිවරණ දූෂණය නැමති වරදට ඇතුළත් වන බවය.

මෙම ක‍්‍රියාවක් සිදුකරන පුද්ගලයකු මහාධිකරණයක් ඉදිරියේ පවත්වන නඩු විභාගයකදී වරදකරු වුවහොත් රුපියල් පන්සියයක දඩයක් හෝ මාස 6ක සිරදඬුවමක් හෝ එම දඬුවම් දෙකම පැනවිය හැකි අතර එයට අමතරව වසර 7ක් දක්වා කාලයකට මැතිවරණයකට ඉදිරිපත් වීමට හෝ ඡන්දය ප‍්‍රකාශ කිරීමට නුසුදුස්සෙකු වන බව පනතේ 81 වන වගන්තිය දක්වා ඇත.

මැතිවරණයේ නිදහස සහ සාධාරණත්වය සඳහා මැතිවරණ නීතිවලට අවනත වීමේ වැදගත්කම අවධාරණය කරන පැෆ්රල් සංවිධානය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා පූජනීය ස්ථාන භාවිත කිරීමට ඉඩ ලබාදීමෙන් වැළකී මැතිවරණයේ සාධාරණ සහ ස්වාධීනත්වය ආරක්ෂා කිරීමට දායක වන ලෙස පූජ්‍ය උතුමන්ලාගෙන් ඉල්ලීමක් කර සිටී.

Related posts

කප්පම් ඉල්ලූ මර්වින්ගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට

administrator

කැබිනට් , රාජ්‍ය ඇමතිකම් දුන්නේ මෙහෙමයි

administrator

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.