Info Sri Lanka

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතු නැති බව ජනපති ගුවන් විදුලි ලොක්කන්ට කියයි.

රාජ්‍ය ආයතන දේශපාලනය කළ යුතුය යන්න තම අපේක්ෂාව නොවන බව ජනාධිපති ගොඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ඒවා දියුණු කිරීම පමණක් එම ආයතන විසින් සිදුකළ යුතු බවයි.

ඒ සඳහා අවශ්‍ය ආදායම් ජනනය කිරීම, කාර්යක්ෂමතාව හා ඵලදායීතාව වර්ධනය කිරීම, වියදම් හා නාස්තිය පාලනය කිරීම රාජ්‍ය ආයතන විසින් සිදුකළ යුතු බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රධානීන් සඟෙ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

රාජ්‍ය ආයතන නඩත්තු වන්නේ වෙහෙසී වැඩකරන ජනතාව උපයන ආදායමින් එබැවින් එම ආයතන ජනතාවට බරක් නොවිය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වාදුන්නේය.

කොවිඩ්-19 වසංගත තත්ත්වයේ ව්‍යාප්තිය හේතුවෙන් ලොව සෙසු රටවල් සේම ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ද බලවත් පරිහානියක් සිදුව ඇති අතර පවතින තත්ත්වය හමුවේ ආයතන ප්‍රධානීන් රට ගැන සිතා කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.