Info Sri Lanka

කොරෝනා පැරදීමේ කතාව ලියද්දී ජනපතිගේ නම මුලින්ම: පවිත්‍රා

ශ්‍රී ලංකාව කොවිඩ් 19 පැරදවූ ආකාරය ලියනා දිනෙක එහි මුලින්ම ලිවිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

“කොවිඩ් 19 මේ රටේ පැරදෙව්වෙ කොහොමද කියලා කතාව ලියන වෙලාවෙ ඉස්සෙල්ලාම ජනාධිපතිතුමාගෙ නම ලියවෙන්න ඕනි.

ඒ කතාවෙ ඊළඟ තැන නම් දෙන්න ඕනෙ අයිඩීඑච් රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යතුමන්ලා, විශේෂයෙන්ම මේ රෝහලේ නායකත්වය දෙන අපේ හසිත අත්තනායක මැතිතුමාත් ඒවගේම නම කියවෙන්නෙ නැති මේ වැඩේ හරියටම කරපු මේ රෝහලේ කාර්ය මණ්ඩලයට කියන එක මම මතක් කරන්න ඕනි” යනුවෙනුයි ඒ මහත්මිය සඳහන් කළේ.

ඇමතිනිය මේ බව පැවසුවේ අයිඩීඑච් රෝහලේ හෙද කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඉදි කෙරුණු නව නේවාසිකාගාරය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (08) එක්වෙමිනි.

මීට මූල්‍ය දායකත්වය ලබාදී තිබුණේ ඇමරිකාවේ වෙසෙන කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුන්ගේ ඊස්ට් කෝස්ට් පදනම විසිනි.

Related posts

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ ප්‍රශ්ණයක්; මැකොසට පැමිණිල්ලක්

administrator

කැබිනට් 28ක් සහ රාජ්‍ය අමාත්‍යංශ 40ක් ගැසට් කරයි

administrator

බිලියනපති අසෝකා ඝාතනයේ ප්‍රධාන සැකකරුවෙක් අත් අඩංගුවට

administrator

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය ජනාධිපති නීතිඥ නිශ්ශංකට

administrator

පාසල් හෙට සිට විවෘතයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.