Info Sri Lanka

ඡන්ද නිරික්සුමට 5000ක පිරිසක්

මෙවර මැතිවරණය නිරික්ෂණ කටයුතු සඳහා පන්දහසක පිරිසක් යොදවන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ භෙට්ටිආරච්චි මහතා සදහන් කළේය.

මැතිවරණ දිස්ත‍්‍රික්ක 22 ක් සදහා දේශපාලන පක්‍ෂ 40ක් සහ ස්වාධින කණ්ඩායම් 313 මගින් අපේක්‍ෂකයන් 7452 තරග වදියි.මැතිවරණයේදී සමානුපාතික නියෝජන ක‍්‍රමය දිස්ත‍්‍රික් මට්ටමින් මන්ත‍්‍රීවරුන් 196ක් තොරාගනු ලබන අතර ජාතික ලැයිස්තු මගින් මන්ත‍්‍රිවරුන් 29 දෙනෙකු තෝරාගැනීමට නියමිතය.

තැපැල් ඡන්ද නිරීක්ෂණය සදහා පැෆ්රල් සංවිධානය දේශපාලන සංවේදීභාවයක් සහිත සහ ඡන්ද ප‍්‍රමාණය සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන 856 ක් තෝරා ගෙන ඇති අතර එම ඡන්ද මධ්‍යස්ථාන සදහා නිරීක්ෂකයින් යෙදවීමට සැලසුම් කර ඇත.

මැතිවරණ දිනය තුළ ස්ථානගත නිරීක්ෂකයින් 3000ක් යෙදවීමට අදාළ පුහුණුවීම් මේ වන විට ආරම්භ කර ඇති අතර එම පිරිස තෝරාගත් මධ්‍යස්ථාන සඳහා යොදවනු ඇත. ඡන්ද මධ්‍යස්ථානයක් අතරතුර තත්ත්වය නිරීක්ෂණය සඳහා ජංගම නිරීක්ෂණ කණ්ඩායම් 200 ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා නිරික්ෂකයින් 1000ක් යෙදවෙනු ඇත.

තැපැල් ජන්දය නිරික්ෂණයටද කණ්ඩායම් යොදවන අතර දිගු කාලීන නිරික්ෂකයන්ද ඒ අතර වන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

පොහොට්ටුවේ ජාතික ලැයිස්තුවේ ප්‍රශ්ණයක්; මැකොසට පැමිණිල්ලක්

administrator

නාමල් දැඩි දේශපාලන තීන්දුවක: ඇමතිකමත් එපා කියයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.