Info Sri Lanka

මාස 6කට ගෝඨාභය ටි‍්‍රලියනයක ණය අරන්; මේ දක්වා වසර 72ටම ගෙන ඇත්තේ ටි‍්‍රලියන 14යි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රමුඛ වර්තමාන ආණ්ඩුව 2020 වසරේ මුල් මාස හය තුළ පමණක් රුපියල් ටි‍්‍රලියනයක්, එනම් රු. කෝටි ලක්ෂය (1,000,000,000,000) ක් ඉක්මවන මුදලක් ණය ලෙස ඉහළ පොලියට ලබාගෙන තිබේ. එම ණය මුදල ලබා ගැනීමට පෙර 1948 වසරේ සිට 2020 වසර දක්වා වූ වසර 72ක් තුළදීම මෙරට ලබාගෙන ඇති සමස්ත ණය ප‍්‍රමාණය වන්නේ රුපියල් ටි‍්‍රලියන 14.15 (14,150,000,000,000) කි.

මේ වසරේ ජනවාරි සිට ජුනි අවසානය දක්වා භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර සහ ශ‍්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර නිකුත් කිරීමෙන් මෙසේ රුපියල් කෝටි ලක්ෂයක ණය ලබාගෙන ඇති අතර, මීට අමතරව විදේශවලින් ඇමරිකානු ඩොලර් මිලියන 1,072ක් (රුපියල් කෝටි 19,800) ණය ලෙස ලබාගෙන තිබේ. මේ අනුව වසරේ මුල් මාස හය තුළ ලබාගෙන ඇති සමස්ත ණය ප‍්‍රමාණය රුපියල් කෝටි එක්ලක්ෂ දහනවදහස් අටසියයකි.

පසුගිය ජුනි 25 දින ශ‍්‍රී ලංකා මහ බැංකුව මගින් නිකුත් කළ ‘වසංගත සමයේ මහ බැංකු මෙහෙවර සහ එමගින් මහජනතාවට ලැබුණු සහන හා ප‍්‍රතිලාභ’ යන මාධ්‍ය නිවේදනය මගින් මෙම කරුණු අනාවරණය වේ.

මේ අතර මුදල් අමාත්‍යාංශය මගින් 2020 මාර්තු 23 වන දින නිකුත් කරන ලද පූර්ව මැතිවරණ අය-වැය තත්ත්වය පිළිබඳ වාර්තාව මඟින් හෙළි කර තිබෙන්නේ මාර්තු සිට මැයි දක්වා වන මාස තුනක කාලය සඳහා රජයේ මුළු ආදායම රුපියල් කෝටි 42,000ක් වනවිට මුළු වියදම එමෙන් තුන්ගුණයක් වන බවයි. එනම් ආසන්න වශයෙන් රුපියල් කෝටි 1,22,900කි. එම මාස තුනට පමණක් රුපියල් කෝටි 80,900ක ණය ලබාගෙන තිබෙන බව එමගින් තහවුරු වේ.

[ලංකා]

Related posts

කප්පම් ඉල්ලූ මර්වින්ගේ පුත් මාලක සිල්වා අත්අඩංගුවට

administrator

කැබිනට් , රාජ්‍ය ඇමතිකම් දුන්නේ මෙහෙමයි

administrator

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.