Info Sri Lanka

නීතිය වෙනස් කොට සළකයි: පාස්කු බෝම්බකරුවන්ට ඇමතුම් 256ක් දුන් අයෙක් නිදහස්!

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර මාලාව එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුවකු වූ ව්‍යාපාරික ඉන්සාෆ් ඊබ්‍රාහීම්ගෙන් ලැබුණු දුරකථන ඇමතුම් 6 – 7ක් නිසා තමන්ගේ සහෝදරයා අත් අඩංගුවට ගෙන මේ වනතෙක්ම රඳවාගෙන සිටිය ද එම ප්‍රහාර මාලාවේ මරාගෙන මැරෙන බෝම්බකරුවන් දෙදෙනෙකුට දුරකථන ඇමතුම් 256ක් ලබාදුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවකු අත් අඩංගුවට ගත් දිනයේදීම නිදහස් කර යවා ඇති බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදූර්දීන් මහතා පවසයි.

“මේ පාර ඡන්දයට නාමයෝජනා භාරදීලා සති 3ක් ගතවෙද්දී මගේ සහෝදරයා අත්අඩංගුවට ගත්තා. මරාගෙන මැරුණු බෝම්බකරුවෙක් වූ ඉන්සාම් ඉබ්‍රාහීම් මගේ මල්ලීට කෝල් 6 ක් 7 ක් අර ගෙන තියෙනවා කියල තමයි චෝදනාව. නමුත් එදාම පොහොට්ටුවේ ආධාරකරුවෙක් අත්අඩංගුවට ගත්තා බෝම්බකරුවන්කරුවන් දෙදෙනෙක්ට කෝල් 256 ක් අරගෙන තියෙන. හැබැයි ආණ්ඩු පක්ෂයේ කෙනෙක් නිසා එයා එදාම නිදහස් වුනා. මේක බොරුයි කියනවා නම් ඕගොල්ලොම Cඓඪ් එකෙන් අහන්න” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

තමන් මුස්ලිම් දේශපාලනඥයකු වීමත් ආණ්ඩුවට සහාය නොදක්වන්නෙකු වීමත් නිසා වත්මන් රජය තමන්ට නීතිය වෙනස්කොට සලකන බවට ද ඒ මහතා චෝදනා කළේය.

එසේම ඉන්සාෆ් අහමඩ්ගේ තඹ කර්මාන්තශාලාවට ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළු සිංහල බෞද්ධයින් අධිකාරීත්වය දරණ ආයතන මහා පරිමාණයෙන් තඹ ලබාදී තිබෙන නමුත් මුස්ලිම් ජාතිකයකු වන තමන්ගේ අමාත්‍යාංශයෙන් ලබාදුන් සුළු තඹ ප්‍රමාණයක් පෙන්වමින් සියලුම වරද තමන් පිට පැටවීමට ආණ්ඩුව උත්සාහ දරණ බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.

එමෙන්ම බොරුවට අත් අඩංගුවට ගත් තම සහෝදරයාව චෝදනාවක් ගොනුකර මහේස්ත්‍රාත් අධිකරණයකට හෝ ඉදිරිපත්කිරීමට තවමත් කටයුතු කර නොමැකි වී තිබියදී වත්මන් ආණ්ඩුවේ සිටින හොර පාස්පෝට් සැදූ දේශපාලනඥයින් තමන්ගේ සහෝදරයාව අත් අඩංගුවට ගැනීම පෙන්වා දේශපාලන වාසි ගනිමින් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

රිෂාඩ් බදූර්දීන් මහතා මේ බව පැවසුවේ පසුගියදා පැවැත්වූ මාධ්‍ය හමුවක් අමතමිනි.

Related posts

ශානිට එරෙහි මෙහෙයුමේ සැඟවුණු රහස් මෙන්න

administrator

සජිත් සමඟ සාකච්ඡාවට, එජාප නායකත්වයට රුවන් ලෑස්තියි

administrator

පිල්ලෙයාන්ටත් ඇමැති ධූරයක්; දයාසිරි විසිවෙයි

administrator

සිම්පත් ලියාපදිංචි විදුලි සංදේශ උපකරණවලට පමණයක් සීමා කරයි

administrator

රාජිත පනින කතාව බොරුවක්?

administrator

මහින්ද අගමැතිධූරයේ වැඩ භාර ගනියි

administrator

Leave a Comment

* By using this form you agree with the storage and handling of your data by this website.