
ඊශ්‍රායලයේ ඩිමෝනා ප්‍රදේශයේ සිදුවූ ඉරාන මිසයිල ප්‍රහාරයක් වීඩියෝගත කිරීමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයන් හතරදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
ඉරාණය විසින් එල්ල කළ එම ප්‍රහාරය සිදුවූ අවස්ථාවේ, ඔවුන් ආරක්ෂිත ස්ථාන වෙත නොගොස් පොදු ස්ථානයක රැඳී සිට ඇති බව සඳහන් වේ.
ප්‍රහාරය සිදුවීමට මිනිත්තු 3කට පමණ පෙර සයිරන් හඬ ඇසෙන බවත්, එවිට වහාම ආරක්ෂිත ස්ථාන වෙත යා යුතු බවත් ආරක්ෂක අධිකාරීන් උපදෙස් ලබා දී තිබුණි.
ශ්‍රී ලංකා රජයේ දූත කාර්යාලය අනුව, අවට ගොඩනැගිලි වලින් කැඩී ගිය කාච කැබලි (shattered glass) හේතුවෙන් ඔවුන්ගේ හිසට සහ ශරීරයේ වෙනත් කොටස්වලට තුවාල සිදුව තිබෙනවා.
ශ්‍රී ලංකා රජයේ Sri Lankan Embassy in Israel සහ දූතවරයා වනනිමල් බණ්ඩාර මහතා අනතුරු ඇඟවීමක් කරමින් කියා සිටියේ, මෙවැනි අවස්ථාවල ආරක්ෂක නියෝග අනුගමනය නොකිරීම ජීවිතයට බරපතළ අනතුරක් බවයි.


