
කොළඹ සහ අවට ප්‍රදේශවල දිගු කාලීන වියළි කාලගුණය හේතුවෙන් දැඩි ජල හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුව ඇත.
ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අනුව, ප්‍රධාන ජලාශවල ජල මට්ටම් වේගයෙන් පහළ යමින් පවතින අතර, ඉදිරි සති කිහිපය තුළ පානීය ජල හිඟයක් ඇතිවිය හැක.
නිලධාරීන් සඳහන් කළේ කලටුවාව පවිත්‍රාගාරයෙේ ජලය දින 22කට පමණ පවතින අතර, ලබුගම ජලපවිත්‍රාගාරයේ ජලය දින 50 පමණ ජලය ඇති බවයි. ඉදිරියේ වැසි නොලැබුණහොත් තත්ත්වය තවදුරටත් නරක විය හැක.
ජල මට්ටම් පහළ යාම හේතුවෙන් ජල සැපයුම පාලනය කිරීම දැනටමත් ආරම්භ කර ඇත. කොළඹ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවල දින 24ක ජල කප්පාදු ක්‍රියාත්මක වන අතර, අනෙකුත් ප්‍රදේශවල දිනවල වෙනස්ව පැය 3ක ජල කප්පාදු ක්‍රියාත්මක වේ.
වියළි කාලගුණය හේතුවෙන් බටහිර පළාත වඩාත් බලපෑමට ලක්ව ඇත.
දැනට දිනපතා විශාල ප්‍රමාණයක් ජලය නිෂ්පාදනය කරනු ලබන නමුත්, ඉතිරි ජලය සුරක්ෂිත කර ගැනීම සඳහා එය අඩු කිරීමට සිදුවී ඇත.
හෝමාගම ,පාදුක්ක ,මහරගම,පීළියන්දලවැනි ප්‍රදේශ මෙම සීමාකිරීම් වලින් බලපෑමට ලක්වනු ඇත.
කෙසේ වෙතත් කැලණි ගඟේ ජල මට්ටම ප්‍රමාණවත් බැවින් ගම්පහ දිස්ත්‍රික්කයේ තත්ත්වය දැනට ස්ථාවරව පවතී.
උත්සව සමයේ ජල භාවිතය වැඩි විය හැකි බැවින් ජනතාවට ජලය සුරකිමින් භාවිතා කරන ලෙස දැනුම් දී ඇත.
අවසානයේ, ශ්‍රී ලංකාව පානීය ජල හිඟයකට මුහුණ දීමට ඉඩ ඇති බැවින්, ඉක්මන් ක්‍රියාමාර්ග සහ ජනතා සහයෝගය අත්‍යවශ්‍ය වේ.


