
කොළඹ අපරාධ කොට්ඨාසයේ (CCD) රැඳවුම් නියෝග මත පසුවන සැකකාරියකගේ උපන්දිනය සැමරීම සඳහා එම ඒකකය තුළ කේක් කැපීමට සූදානම් වූ පුවතක් වාර්තා වීමත් සමඟ පොලිස් දෙපාර්තමේන්තුව තුළ දැඩි කැළඹීමක් ඇති වී තිබේ.
පොලිස්පතිවරයාගේ උපදෙස් මත මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
පසුගිය මාර්තු 29 වැනිදා කොළඹ අපරාධ කොට්ඨාසය තුළ රඳවා සිටින ඉෂාරා සෙව්වන්දි නමැති සැකකාරියගේ උපන්දිනය සැමරීම සඳහා මෙම උත්සවය සංවිධානය කර තිබුණි.
ඒ පිළිබඳව ලද තොරතුරකට අනුව, කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වහාම එම ස්ථානයට ගොස් කේක් කැපීමට තිබූ සූදානම වළක්වා තිබේ.
පොලිස් නිලධාරීන්ගේ වෘත්තීය ආචාරධර්ම බරපතළ ලෙස උල්ලංඝනය කරමින් සිදු වූ මෙම අවිධිමත් ක්‍රියාව සම්බන්ධයෙන් මූලික පියවරක් ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයාව වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානය වෙත මාරු කිරීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සලකා බලා ඒකක දෙකක් ඔස්සේ පරීක්ෂණ ක්‍රියාත්මක වේ:
රජයේ රැඳවුම් භාරයේ සිටින සැකකරුවන්ට මෙවැනි වරප්‍රසාද ලබාදීම පොලිස් සේවයේ ගෞරවයට හානියක් බව පවසමින් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් අවධාරණය කර සිටින්නේ වරදකරුවන්ට එරෙහිව දැඩි පියවර ගන්නා බවයි.


