
2026 ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම ඇරඹෙයි.
2026 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට (5 සහ 6 ශ්‍රේණි හැර) සිසුන් ඇතුළත් කරගැනීමට අදාළ නව චක්‍රලේඛය අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත් කර ඇත.
අංක 09/2026 දරන මෙම චක්‍රලේඛය මාර්තු 31 වැනිදා නිකුත් කර ඇති අතර, ඒ අනුව සිසුන් ඇතුළත් කරගැනීමේ ක්‍රමවේදය පිළිබඳ සම්පූර්ණ විස්තර අනාවරණය කර තිබේ.
ප්‍රධාන කරුණු කිහිපයක්:
2026 වසරේ 5 සහ 6 ශ්‍රේණි හැර සෙසු සියලුම ශ්‍රේණිවල පවතින පුරප්පාඩු සඳහා අයදුම් කළ හැකිය.
2026 ජනවාරි 31 දිනට අදාළ වන පරිදි ජාතික පාසල්වල පවතින පුරප්පාඩු පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් පරීක්ෂා කළ හැකිය.
අයදුම්පත් යොමු කිරීමව සදහා 09/2026 චක්‍රලේඛයේ දැක්වෙන ආදර්ශ අයදුම්පත නිවැරදිව සම්පූර්ණ කර, අවශ්‍ය ලේඛන ද සමඟ අදාළ පාසලේ විදුහල්පතිවරයා වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2026 අප්‍රේල් මස 27 වැනිදා වේ.
අමාත්‍යාංශය අවධාරණය කරන්නේ කිසිදු හේතුවක් මත අමාත්‍යාංශය වෙත සෘජුව අයදුම්පත් යොමු නොකළ යුතු බවත්, සියලුම අයදුම්පත් අදාළ පාසල් වෙතම යොමු කළ යුතු බවත්ය.


