Monday, April 6, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මහරගම ,රුක්මල්ගම නිවාස යෝජනා ක්‍රමයේ පවුල් 500කට අධික සංඛ්‍යාවක් ජල හිඟයෙන් පීඩාවට

රුක්මල්ගම නිවාස යෝජනා ක්‍රමයේ වාසය කරන පවුල් 500කට අධික සංඛ්‍යාවක් පසුගිය දින කිහිපය පුරාවට පවතින වියළි කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දැඩි ජල හිඟයකට මුහුණ දී ඇතැයි වාර්තා වේ.

මෙම තත්ත්වයට පිළියමක් ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය විසින් ලීටර් 1,000 ක ධාරිතාවයෙන් යුත් ජල ටැංකි කිහිපයක් ස්ථාපනය කර ජල සැපයීම ආරම්භ කර ඇත.

කෙසේ වෙතත්, එම ටැංකි සියල්ලම තවමත් පිරවී නොමැති බවත්, වැඩි ඉල්ලුම හේතුවෙන් කිහිපයක් තුළ සැපයෙන ජලය මිනිත්තු 30ක පමණ කාලයකින් අවසන් වන බවත් ප්‍රදේශවාසීන් පවසයි.

ජල මණ්ඩල ප්‍රකාශකයෙකු සඳහන් කර ඇති පරිදි, තාවකාලික විසඳුමක් ලෙස මෙම ටැංකි ස්ථාපනය කර ඇති අතර, ජල බෝසර් මගින් ඒවාට ජලය සැපයීම සිදුකරමින් පවතින බවයි.

ඉදිරියේදී මෙම ගැටළුවට ස්ථිර විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එසේම, 1980 වසරේදී රුක්මල්ගම ප්‍රදේශයට ජලය සැපයීම සඳහා ස්ථාපනය කළ විශාල ජල ටැංකියක් තිබුණද, එය වසර කිහිපයකට පෙර සිට නඩත්තු නොකිරීම හේතුවෙන් ප්‍රදේශයේ දිගුකාලීන ජල ගැටළුවක් ඇතිවී ඇති බවද ප්‍රදේශවාසීන් පෙන්වා දෙයි.

Popular Articles