
(2026 මාර්තු 09) ලංකාවේ ඉතිහාසයේ ලොකුම වෙනසක් වෙච්ච දවසක්. අවුරුදු 56ක් තිස්සේ අපිට කරන්ට් එක දීපු, ඒ වගේම අපිට එපාම කරවපු ‘ලංකා විදුලිබල මණ්ඩලේ’ (CEB) අද ඉඳන් නිල වශයෙන්ම ඉවරයි. ඔව්, ඔයාලා අහපු කතාව ඇත්ත, අලුත් ගැසට් එක (අංක 2478/41) අනුව CEB එක අද ඉඳන් වෙනම කම්පැනි 6කට කඩලා තියෙන්නේ.
මේක අහපු ගමන් අපේ උන්ට එන පලවෙනි ප්රශ්නේ තමයි “අද ඉඳන් කරන්ට් බිල අඩුවෙයිද? නැත්තම් තවත් වැඩිවෙයිද?” කියන එක. ඉතින් මම හිතුවා මේ සීන් එක ගැන ඇතුලාන්තයම අවුස්සලා, මේකේ හොඳ නරක දෙකම ඔයාලට සරලවම කියන්න.
මොකක්ද මේ වෙලා තියෙන ගේම් එක?
2024 අංක 36 දරන විදුලිබල පනත අනුව තමයි මේ ඔපරේෂන් එක යන්නේ. සරලවම කිව්වොත් මෙච්චර කල් විදුලිය හදන එක (Generation), ඒක අරන් යන එක (Transmission), සහ අපේ ගෙවල් වලට බෙදන එක (Distribution) ඔක්කොම කරේ එකම CEB එකෙන්. ඒකාධිකාරියක් තිබ්බේ. හැබැයි අද ඉඳන් මේ වැඩ වලට වෙනම State-owned (රජය සතු) කම්පැනි 6ක් හැදෙනවා.
Electricity Generation Lanka (Pvt) Ltd – මෙයාලා කරන්ට් එක හදනවා විතරයි.
National Transmission Network Service Provider (NTNSP) – මෙයාලා ඒක අරන් යනවා.
Electricity Distribution Lanka (Pvt) Ltd – මෙයාලා තමයි අපේ ගෙවල් වලට කරන්ට් එක බෙදන්නේ.
මෙහෙම තව 3ක් තියෙනවා.
මේක පට්ටම හොඳ දෙයක්. මෙච්චර කල් මුළු සිස්ටම් එකම එක තැනකින් පාලනය කරපු නිසා පාඩු වෙන්නේ කොතැනද, හොරකම් වෙන්නේ කොතැනද කියලා හොයාගන්න බැරුව හිටියේ. දැන් කම්පැනි වෙනම තියෙන නිසා කවුද ගේම ගහන්නේ, කවුද පාඩු කරන්නේ කියලා ට්රාන්ස්පේරන්ට් විදිහට බලාගන්න පුළුවන්.
ඉස්සරහට මේ කම්පැනි වලට ප්රයිවට් ඉන්වෙස්ටර්ස්ලා ආවොත්, සෝලා, වින්ඩ් වගේ ප්රොජෙක්ට් වලට තියෙන බාධා අඩුවෙලා තරඟයක් හැදෙන්න පුළුවන්. තරඟයක් එනවා කියන්නේ අපිට ලාභයි.
මෙච්චර කල් ලාභම විදුලිය ගන්න එක හැමතිස්සෙම කල් ගියා මොකද CEB එක ඇතුලෙම ඩීල් තිබ්බ නිසා. දැන් System Operator 100% වෙනම කම්පැනියක් නිසා, එයාලට පුළුවන් ලාභම තැනින් විදුලිය අරන් ජාලයට එකතු කරන්න.
වැඩේ බැලූ බැල්මට මාර ලස්සන වුනාට, ඇතුලේ තියෙන්නේ වෙනමම කතාවක්.
බෝඩ් 6ක්, වියදම් 6 ගුණයක්ද?
මෙච්චර කල් එක සභාපති කෙනෙක්, එක බෝඩ් එකක් හිටපු තැනට දැන් කම්පැනි 6ක් එනවා. ඒ කියන්නේ CEO ලා 6ක්, අධ්යක්ෂක මණ්ඩල 6ක්, ඒ ගොල්ලොන්ට වාහන, පඩි.. මේ අලුත් වියදම් කන්දරාව දරන්නේ කවුද?
අන්තිමට ඒකත් එන්නේ අපේ බිලටම නේද?
යුනියන් වලට දුන්න අල්ලස.
දැක්කා නේද මාර්තු මුල ඉඳන් යුනියන් කාරයෝ ස්ට්රයික් කරනවා, බ්ලැක්අවුට් කරනවා කියලා ගහපු සද්දෙ? හැබැයි ඊයේ (මාර්තු රජයෙන් එකපාරටම CEB සේවකයින්ට 25% ක පඩි වැඩිවීමක් දුන්නා 2025 ජනවාරි ඉඳන් බලපැවැත්වෙන විදිහට. සද්දෙ වහන්න දුන්නු මේ පඩි වැඩිවීම ගෙවන්න අර අලුතෙන් හැදෙන කම්පැනි 6ට පුළුවන්ද? මේකෙනුත් වෙන්නේ restructuring එක පටන් ගන්නකොටම කම්පැනි ටික ණය කන්දක හිරවෙන එක.
බිල නම් අඩු වෙන්නේ නෑ.
දැනටමත් තවත් 11%-13% කින් කරන්ට් බිල වැඩි කරන්න PUCSL එකට යෝජනා දීලයි තියෙන්නේ. ඉතින් නම වෙනස් වුනාට අපේ සාක්කුවට නම් තාම මේකෙන් සහනයක් නෑ.
මචං, මගේ අත්දැකීම් අනුව ඉස්සරහට වෙන දේ මම කියන්නම්.
කෙටි කාලීනව (ඉදිරි මාස 6) මාර අවුල් ජාලයක් වෙන්න යන්නේ. අද (09) ඉඳන් 10 වෙනිදා වෙනකොට සේවකයින්ට අලුත් කම්පැනි වලින් පත්වීම් ලිපි දෙනවා. ඔතනදි මට මේ කම්පැනිය එපා අරක ඕනේ කියලා ලොකු රණ්ඩුවක් යන්න පුළුවන්. නොවෙන්නත් පුලුවන්. ටෙක්නිකල් පැත්තෙන් ලොකු අවුලක් වෙන එකක් නෑ, කරන්ට් එක දිගටම තියෙයි. හැබැයි අර පඩි වැඩිවීම් එක්ක අපේ ඊළඟ කරන්ට් බිල අනිවාර්යයෙන්ම වැඩිවෙන්න ලොකු චාන්ස් එකක් තියෙනවා.
දිගු කාලීනව (අවුරුදු 2-3කින්)
මේක හරියට කරොත් ලංකාවේ ආර්ථිකේට ගහන්න පුළුවන් ලොකුම ජැක් එකක්. හැබැයි ඒකට දේශපාලකයින් මේ කම්පැනි 6ට ඇඟිලි ගහන එක නවත්තන්න ඕනේ. එහෙම නොවුනොත් වෙන්නේ අර එක තැනක තිබ්බ දූෂණය කම්පැනි 6කට බෙදිලා යන එක විතරයි. “අලුත් බෝතලේ පරණ වයින්” වගේ වෙයි එහෙම වුනොත්. හැබැයි පෞද්ගලික අංශය (Private Sector) මේකට ගාවගත්තොත් නම්, අපිට සෝලා පැනල් ග්රිඩ් එකට දෙන්න තියෙන කට්ට අඩුවෙලා, ලාභෙට කරන්ට් එක ගන්න පුළුවන් කාලයක් එයි.


