ඩොලරයේ අගය ඉහළ යාම රටට අහිතකර බලපෑමක් ඇති කරන බැවින්, එම තත්ත්වය පාලනය කර ගැනීම සඳහා අදම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර අනුප්‍රාප්තික ගිවිසුමක් ඇති කර ගන්නා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී රජයෙන් ඉල්ලා සිටියේය.
රට මහා ඛේදවාචකයක් කරා ගමන් කිරීම වළක්වා ගැනීම සඳහා රජය මෙම තත්ත්වය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ නිවැරදි සාකච්ඡාවක නිරත විය යුතු බවත්, සියලු පාර්ශ්ව අත්වැල් බැඳගෙන රටේ ජනතාව වෙනුවෙන් යුතුකම ඉටු කළ යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය. තවද, පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක් මත පිහිටා කටයුතු කිරීමේ වැදගත්කම අවධාරණය කළ ප්‍රේමදාස මහතා, ඩොලරයේ අගය ඉහළ යාම සම්බන්ධයෙන් සමගි ජන බලවේගය ලෙස අද සවස සියලු පාර්ශ්ව සමඟ සුවිශේෂී සාකච්ඡාවක් පවත්වන බවද ප්‍රකාශ කළේය.




