ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ (CPC) නිලධාරීවාදීන් දූෂිත ගනුදෙනු සහ මතභේදාත්මක තීන්දු ගැන සමගියේ ජන බලවේගයේ ගම්පහ ආසන සංවිධායක
වරුණ රාජපක්ෂ ගෙන් අභ්යන්තර හෙළිදරව්වක්…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්රසම්පාදන ක්රියාවලිය, තෙල් මිලදී ගැනීම් සහ එහි සිදුවී ඇතැයි කියන අක්රමිකතා නිසා තෙල් මිල ඉහළ යාම සහ කාංචනගේ 110 කතාවට ගැන දැන් තෙල් මිල ඉහළ යෑම සම්බන්ධයෙන් ආණ්ඩුව කියන්නේ මොකක්ද මෙහිදී වරුණ රාජපක්ෂ ප්රශ්ණ කරනවා….
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මෑතකදී රට වටා කළ දැනුවත් කිරීම්වලදී සඳහන් කරන්නෙ රටේ ආර්ථිකයට සහ ඉන්ධන මිලට බලපෑම් ඇති වූයේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් නිසා බවත්..නමුත් ඉන්ධන මිල ඉහළ යාමට යුද්ධය පමණක් නොව, CPC ආයතනය තුළ සිදුවන පරිපාලනමය හා ප්රසම්පාදන ගැටලු ද දැඩි ලෙස බලපා ඇති බව වරුණ රාජපක්ෂ මෙහිදී හෙළිකරනව….මීට පෙර හිටපු අමාත්ය කාංචන විජේසේකර සමයේදී ද ඉන්ධන මිලදී ගැනීම් සම්බන්ධයෙන් සීඅයිඩී වෙත පැමිණිලි ඉදිරිපත් වී තිබු බවත්.. ප්රධාන සැපයුම්කරුවන් සමඟ ඇති වූ ගැටුම් සහ අසමාන සැලකීම්
සමාගම් සමඟ වූ මතභේද ලංකාවට තෙල් සපයන ප්රධාන ජාත්යන්තර සමාගම් කිහිපයක් ට්රැෆිගුරා ,විටෝල් බීපී සමඟ පැවති ගිවිසුම් සම්බන්ධයෙන් ගැටලු මතු වූ බවත්… යුද්ධය ආරම්භ වීමත් සමඟ ප්රවාහන හා රක්ෂණ ගාස්තු (ප්රීමියම් අගය) ඉහළ යෑම නිසා, සැපයුම්කරුවන් තමන්ට සිදුවන පාඩු පියවා ගැනීමට යම් සහනයක් හෝ කාලය දීර්ඝ කර දෙන ලෙස ඉල්ලා සිටිය බවත්.. ඇතැම් සමාගම්වල ඉල්ලීම් ප්රතික්ෂේප කර ඔවුන්ගේ ගිවිසුම් අවලංගු කර ඇපකර මුදල් රඳවා ගැනීමට CPC පියවර අරන් තිබෙනවා උදාහරණයක්.. වීටෝල්… ආයතණය. නමුත්.. ට්රැෆිගියුරා’ සමාගම සම්බන්ධයෙන් ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ වංචනික නිලධාරීන් කටයුතු කර ඇත්තේ… ඊට සහ මුලින්ම වෙනස් ආකෘතියකට බවත් ඔවුන්ගේ ගිවිසුම් අවලංගු නොකළ බවත්…
එය එසේ සිදු වෙන්නේ අදාළ ආයතන වලින් බිලියන්ස් ගණන් ලබාගන්නා වංචනික දූෂිත ක්රියාවන් මත බවයි මෙහිදී හෙළිවන්නේ..
හදිසි ටෙන්ඩර් මඟින් සිදුවූ අසාමාන්ය මිලදී ගැනීම්
සාමාන්යය කාලීන ගිවිසුම් යටතේ අඩු ප්රීමියම් අගයකට ලබා ගැනීමට තිබූ ඉන්ධන තොග සම්බන්ධයෙන් ගැටලු ඇති කරගෙන, පසුව හදිසි ටෙන්ඩර් හරහා අතිවිශාල මිල ගණන් යටතේ තෙල් මිලදී ගැනීමට සිදුවීම හරහා රටට දැවැන්ත මූල්ය පාඩුවක් සිදුව ඇති බව වරුණ මෙහිදී සඳහන් කරනවා…..
ජාත්යන්තර වාර්තා පවා පෙන්වා දී ඇත්තේ ශ්රී ලංකාව ඉතා ඉහළ මිලකට ඉන්ධන මිලදී ගත් බවත්.. මෙවැනි තත්ත්වයන් මත ඉදිරියේදී ජාත්යන්තර නඩු සහ වන්දි ඉල්ලීම් මතු වීමේ අවදානමක්ද පවතින බවයි ඔහු කියන්නේ..
වාෂ්පීකරණය සහ තෙල් ගොඩබෑමේදී සහ මැනීමේදී උදේ සහ දවල් කාලවල මැනීම ආශ්රිතව සිදුවන 0.5% ක පමණ වාෂ්පීකරණ නාස්තිය සම්බන්ධයෙන් විවිධ අක්රමිකතා සිදුවන බවත්… ,තෙල් ගෙන එන නැව් ප්රමාද වීම නිසා ගෙවීමට ඇති ඩොලර් මිලියන ගණනක ඩැමරේජස් ගාස්තු අය කරගැනීමේදී සහ කළමනාකරණය කිරීමේදී විනිවිදභාවයක් නොමැති බවත් එකී වංචාවන් සම්බන්ධව තොරතුරු දැනගැනීමේ පනත යටතේ පවා ප්රශ්න කර ඇති බව සඳහන් වනව….
මෙකී සියලු සිදුවීම් අභ්යන්තරයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීවාදී නිලධාරීන් ඉතාම වංචනික ලෙස කටයුතු කරන බවත් සහ ඔවුන්ගේ තාක්ෂණික දෝෂ නිසා ලංකාවේ ජනතාවට තෙල් වෙනුවෙන් ගෙවන්නට සිදුවී තිබෙන අති විශාල ඉන්ධන මිල.. සහ මිල ඉහළ යාමේ කේදවාචකයේ වගකීම මේ රටේ සාමාන්ය මිනිසුන්ට භාර ගැනීමට සිදුවී ඇති නමුත්… එහි වගකීම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉහත කී නිලධාරී රැල සහ ආණ්ඩුව සහ ඇමතිවරයා ලබා ගත යුතුබවත්.. එකී වගකීම අසරණ ජනතාව මත පටවා පාලකයාගේ දුර්වලකම් සහ දූෂණයන් වෙනුවෙන් වන්දි ගෙවීම, ජනතාවට ගෙවන්නට සිදුවීම නැවැත්විය යුතුබවත්
මෙහිදී වරුණු රාජපක්ෂ හෙළි කරනු ලබනවා……
මෙකී දූෂණය සම්බන්ධව හෙළිකරන රහස් තොරතුරු සහිත සම්පූර්ණ වීඩියෝව ඔබට වරුණු රාජපක්ෂ පහත අප අමුණන යූටියුබ් නාලිකාවේ වීඩියෝවෙන් නරඹන්නට පුළුවන්….



