spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ටෙහෙරාන් පිටසක්වල යාණයක්ද…?

පසුගියදා ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නගරයට ඉහළ අහසේ දේදුන්නක පැහැයෙන් යුතු, විවිධ වර්ණයෙන් බැබළෙන අභිරහස් ආලෝක පෙළක් දර්ශනය වීමත් සමඟ සමාජ මාධ්‍ය පුරා මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ මෙම දර්ශන පිටසක්වල යානයක් (UFO) හෝ රහස් හමුදා තාක්ෂණයක පෙරනිමිති බවට මත පළ වුවද, ආරක්ෂක අංශ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙය සාමාන්‍ය මිනිස් නිෂ්පාදනයක් විය හැකි බවයි.

සමාජ මාධ්‍ය ආන්දෝලනය සහ දර්ශන
​වීඩියෝ දර්ශන කිහිපයකම දැක්වෙන පරිදි, අර්ධ කෘතාකාර හැඩයකට සකස් වූ බහු වර්ණ LED ආලෝක පද්ධතියක් රාත්‍රී අහසේ සෙමින් පාවෙමින් පවතී . මෑත කාලයේදී ඉරාන අහසේ අමෙරිකානු සහ ඊශ්‍රායල අතිනවීන රහස් ඔත්තු බලන යානා හෝ ස්ටෙල්ත් තාක්ෂණයන් ක්‍රියාත්මක වූ බැවින්, මෙම අසාමාන්‍ය ආලෝකයන් පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය සහ සැකය යොමු විය
​හමුදා හෝ පිටසක්වල යානයක් නොවන බවට සාක්ෂි
​යුධ සහ මිලිටරි තාක්ෂණ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ මෙම ආලෝකයන්හි ගමන් මඟ සහ ස්භාවය අනුව එය පිටසක්වල හෝ හමුදා යානයක් විය නොහැකි බවයි..


​චලනය වන ආකාරය අහසේ පාවෙන මෙම වස්තුව හදිසි වේග වෙනස්කම් හෝ ක්ෂණික දිශා වෙනස්කම් සිදු නොකරයි එය මන්දගාමීව පාවෙන සුළං බැලූනයක්, සූත්‍රණයක් (Kite) හෝ ඩ්‍රෝන යානාවල චලනයට සමාන වේ ..
​ආලෝක පද්ධතිය: හමුදා රහස් යානාවල හෝ පිටසක්වල යානාවල මෙවැනි පෙනෙන සුලු, විනෝදාස්වාදයට යොදාගන්නා පාට පාට ආලෝක පද්ධති යොදා නොගනී ..


​​වර්තමාන වෙළඳපොළේ LED ආලෝක සවිකරන ලද විශාල සූත්‍රන් , ආලෝකමත් කරන ලද සුළං බැලූන මෙන්ම බහුලව භාවිත වන ඩ්‍රෝන සංදර්ශන ඉතා සුලබය ..
​මිලියන 16කට අධික ජනගහනයක් වෙසෙන ටෙහෙරාන් වැනි නූතන මහා නගරයක ජනතාවට මෙවැනි සාමාන්‍ය LED තාක්ෂණයන් පහසුවෙන් භාවිත කළ හැකි අතර, අහසේ පාවෙන සූත්‍රණයකට හෝ බැලූනයකට සවිකළ LED ආලෝක වැලක් රාත්‍රී කාලයේදී කැමරාවට මෙලෙස දර්ශනය වීම වඩාත් විශ්වාසනීය පැහැදිලි කිරීම වේ

Popular Articles