spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

අද මරණ දඩුවම් ලැබෙන පාස්කු 24 කවුද…?

2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාර එල්ල කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම ඇතුළු චෝදනා 23,270ක් යටතේ නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ආරම්භ කර තිබේ. දහවල් 12.30 පමණ මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එය ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කරනු ලැබ ඇත…

අධිකරණ සංකීර්ණයට දැඩි ආරක්ෂාවක්
තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඇරඹේ
විත්තිකරුවන්ට එරෙහිව චෝදනා 23,270ක්
2019 වසරේ පාස්කු ඉරුදින කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සංචාරක හෝටල්, කිතුනු දේවස්ථාන ඇතුළු ස්ථාන ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය එල්ල විය
මෙම ප්‍රහාරයෙන් දිවි අහිමිවූ ගණන 270කට අධිකයි. ඔවුන් අතරින් 45 දෙනෙක් විදේශිකයින් වූහ. ප්‍රහාරවලින් තුවාල ලැබූ ගණන 500කට අධිකයි

මෙම නඩුකරයේ තීන්දුව පෙරවරුවේ ප්‍රකාශ කරන බව මීට පෙර නිවේදනය කර තිබුණ ද මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එය ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කළේ අද දහවල් 12.30ට පමණ බවයි.

නඩු තීන්දුව මුද්‍රණය කිරීමේදී ඇති වූ තාක්ෂණික දෝෂයක් නිසා මෙම ප්‍රමාදය හටගත් බව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කිරීමට පෙර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු නවරත්න මාරසිංහ සඳහන් කළ බව අප වාර්තාකරු පැවසුවා.

ඒ සම්බන්ධයෙන් සියලු පාර්ශවවලට අධිකරණය කණගාටුව පළ කරන බව ද විනිසුරුවරයා ප්‍රකාශ කර තිබුණා.

ඉන් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ආරම්භ කෙරුණු අතර මේ වන විට දිවා ආහාරය සඳහා නඩු විභාගය නතර වී ඇති බව අප වාර්තාකරු වැඩිදුරටත් පැවසුවා.

කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ඉලක්ක කර බෝම්බ ප්‍රහාරය එල්ල කළේ, අහමඩ් මුවාස් නම් පුද්ගලයෙකි. ඔහුගේ සහෝදරයා අත්අඩංගුවට ගැනුණා.

කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ බෝම්බකරු ලෙස මොහොමඩ් හස්තුන් හඳුනාගෙන තිබෙනවා.

තෙවන ඉලක්කය වූ කිංස්බරි හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කලේ මොහමඩ් අසාම් මොහොමඩ් මුබාරක් නමැති පුද්ගලයා ය. ඔහුගේ බිරිඳ පොලිස් අත්අඩංගුවේ පසුවෙනවා.

සමස්ත ප්‍රහාරයන්ට වගකිව යුතු ෂැන්ග්‍රි-ලා බෝම්බකරුවන්ගෙන් එක් අයෙකු වන්නේ සහරාන් හෂීම් ය. අනෙක් පුද්ගලයා ඉල්හාම් අහමර්ඩ් මොහොමඩ් ඉබ්‍රාහිම් ය.

මඩකලපුවේ පිහිටි සියොන් දේවස්ථානයට මොහොමඩ් නසාර් මොහොමඩ් අසාද් විසින් බෝම්බ ප්‍රහාරය එල්ල කෙරුණා.

සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා ඉල්හාම් ගේ වැඩිමහල් සහෝදරයා වන ඉන්ෂාෆ් අහමඩ් ඉබ්‍රාහිම්ය.

කොළඹ ටාජ්සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරුවා හැරීමට අපොහොසත් වූ නමුත් දෙහිවල පිහිටි කුඩා ලැගුම්ගලකදී බෝම්බය පුපුරුවා හැරියේ බ්‍රිතාන්‍යයේ සහ ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය ලැබූ අබ්දුල් ලතීෆ් ය.

මේ අතර, දෙහිවල මහවිල උද්‍යානයේ නිවසක් පරීක්ෂා කිරීමට පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු ගිය අවස්ථාවේදී ඉල්හාම් ඊබ්‍රාහිම්ගේ බිරිඳ වූ ෆාතිමා ඊබ්‍රාහිම් බෝම්බයක් පුපුරුවා ගත් අතර, ඉන් පොලිස් නිලධාරීන් තිදෙනෙක්, ෆාතිමා සහ ඇගේ කුසේ සිටි දරුවා මෙන් ම තවත් දරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා.

පැය 2 කට පෙරනවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනා කවුද?
2019 වසරේ පාස්කු ඉරිදා දින සහරාන් හෂීම් ප්‍රමුඛ අන්තවාදීන් පිරිසක් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර මාලාවට ආධාර අනුබල දීම ඇතුළු අධිචෝදනා 23,270ක් යටතේ නීතිපතිවරයා විසින් 2021 ඔක්තෝබර් මස 4 වන දා නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනෙකුට එරෙහිව අධිචෝදනා භාර දෙනු ලැබුවා.

ඉන් යාසින් බාවා අබ්දුල් රාවුෆ් නමැත්තා නඩු විභාගය අතරතුර 2023 වසරේදී මියගොස් තිබුණා.

සෙසු විත්තිකරුවන් කවුද?

  1. මොහොම්මදු ඊබ්‍රහිම් මොහොම්මදු නව්ෆර් හෙවත් නවුෆර් මවුලවි:
  2. මොහොම්මදු සරිබූ ආදම් ලෙබ්බේ (අබූ හදීක් හෙවත් ගෆූර් මාමා)
  3. හයාතු මොහොමදු මිල්හාන් (අබු සිලා)
  4. මොහොමදු ඊබ්‍රහිම් සාදික් අබ්දුල්ලා (අබු උමර්)
  5. මොහොමඩ් ඊබ්‍රහිම් ෂාහීඩ් අබ්දුල් හක් (අබූ ෆලා)
  6. මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් (අබු තාරික්)
  7. මොහොමඩ් මන්සූර් මොහොමඩ් සනස්දීන් (අබූ මිසාන්)
  8. අබ්දුල් මනාෆ් මොහොමඩ් ෆිර්දවුස්
  9. මොහොමඩ් රමිෂ් මොහොමඩ් සජීඩ් හෙවත් සජීඩ් මවුලවි (අබු නජා)
  10. අබ්දුල් ලතීෆ් මොහොමඩ් සාෆි (සාෆි මවුලවි/අබු ෆුර්කාන්)
  11. හුසේනූල් රිස්වි කාලිද් සමීර්
  12. මොහොමඩ් සවාහීර් මොහොමඩ් හසන් (අබු දාවුද්)
  13. මොහොමඩ් ඉෆ්ති
  14. රෂීඩ් මොහොමඩ් ඊබ්‍රාහිම්
  15. මොහොමදු හනීෆා සෙයිනූල් ආබ්දීන් (අබු හිනා)
  16. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් හාරිස් (අබු නාන් සීයාර්)
  17. රසික් රාසා හුසේන්
  18. කච්චි මොහොමඩ් ජෙස්මින්
  19. සෙයිනූල් ආබ්දීන් මොහොමඩ් ජසීන්
  20. මොහොමඩ් මුස්තාපා මොහොමඩ් රිස්වාන්
  21. මීරා සහීඩ් මොහමඩ් නෆ්ලි (අබු සනා)
  22. මොහොමඩ් අමීන් අයන්තුල්ලා
  23. මොහොමඩ් අන්සාර්දීන් හිල්මි
  24. මොහොමඩ් අක්‍රම් අහක්කම්

Popular Articles