ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් දියත් කිරීමේදී ජනාධිපතිවරයා සතු බලතල සීමා කිරීම අරමුණු කරගනිමින්, අමෙරිකානු සෙනෙට් මණ්ඩලය විසින් නව යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.
මෙම යෝජනාවට අනුව, කොංග්‍රස් මණ්ඩලයේ විශේෂ අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව හමුදාමය ක්‍රියාමාර්ග ගැනීම වළක්වාලීම අපේක්ෂා කෙරේ.
ජනාධිපතිවරයෙකුගේ විධායක බලතල සම්බන්ධයෙන් සෙනෙට් මණ්ඩලය මෙවැනි තීරණාත්මක පියවරකට එළඹුණු පළමු අවස්ථාව මෙය ලෙස සැලකේ.
කෙසේ වුවද, මෙම යෝජනාව නීතියක් ලෙස බලාත්මක වීමට නම්, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේද (House of Representatives) බහුතර කැමැත්ත හිමිවිය යුතුවේ.




