අවුරුදු 32 ක් සිර ගතව සිටි Z- 14897 ජේ. සත්‍යනාදන් නමැති සිරකරුවා ඊයේ වැලිකඩ බන්ධනාගාරයේදී රෝගීව මිය ගිහින්
* පහත දැක්වෙන්නේ 2010 දී එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සමස්ථ හොඳම රැඳවියාට දෙන විශිෂ්ට කුසලතාවයට සත්‍යාට ලබා දුන් සහතිකයයි…

* ඒ කියන්නෙ 2010 දිත් ඔහු පුනරුත්ථාපනය වූ සිර කරුවෙක්.
* හඅබැයි ඔහුට නිදහස ලබා එළියට යන්න කිසිම රජයක්, ජනාධිපති වරයෙක් ඉඩ ලබා දුන්නෙ නැහැ.
* මගේ බිරිඳ සුධර්මිකා “ සිරකරුවෝද මනුෂ්‍යයෝය” නමැති සංවිධානය පිහිටුවලා මරන දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම ලැබ පුනරුත්ථාපනය වී දීර්ඝ කාලයක් සිර දඬුවම් විඳින සිර කරුවන්ට ජනාධිපති සමාව දී නිදහස් කරන්න කියල ජනාධිපති තුමාටත් අධිකරණ ඇමති තුමාටත් ලිපි ලිව්ව, මාධ්‍ය සාකච්ඡා තියල කිව්ව.
* සත්‍යනාදන් ජයසීලන්ට වූ අසාධාරණය කියල මගේ බිරිඳ 2024 දෙසැම්බර් මාසෙ ජනාධිපති තුමාට වෙනම ලිපියක් යැවිව෴ හැබැයි පිළිතුරක් ලැබුණෙ නැහැ.
* අවසානයේ ඇය කොටුව දුම්රියපල ඉදිරිපිටදී උද්ඝෝෂණයක් කළා.
* ඊට 100 ට ආසන්න පිරිසක් සහභාගි වුනා.
* ඒ අතර සත්‍යාගෙ වියපත් මවද සිටියා. ඇය මාධ්‍යයට කතා කළා. ඒක මාධ්‍යවල ප්‍රචාරය වුනා.
* ඒත් සත්‍යා ඇතුලු දීර්ඝ කාලීන රැඳවියන්ව නිදහස් කළේ නැහැ.
* සත්‍යානන්ද ලාබාල තරුණයෙකු වශයෙන් ඉන්දියාවට යන්නෙ ඔහු වාසය කළ මන්නාරමේ එවකට යුද වාතාවරණය නිසා. හමුදාව හා එල්ටීටීය යන දෙපැත්තෙන්ම යුද පීඩනයට ලක් වූ සත්‍යා පවුලේ ඥාතීන් සමග තමිල්නාඩුවට ගියා.
* කාලයක් එහි කඳවුරුවල ඉන්නකොට ලංකාවෙ සිටි සත්‍යාගෙ පියා බරපතල ලෙස අසනීප වුනා.
* සත්‍යා පියා බලන්න ලංකාවට එන විට වෙනත් දෙමළ තැනැත්තෙක් ඔහුට පාර්සලයක් දෙනව ගුවන් තොටුපලට ඇවිත් කාන්තාවක් ඒක ගනීවි කියල.
* 1994/5/25 දින ඔහු ගුවනින් කටුනායකට එනව. අර කාන්තාව එන තෙක් ගුවන් තොටුපලේ බලා ඉන්නව.
* පොලීසිය ඔහුව අත්අඩංගුවට ගන්නව. පාර්සලයෙ හෙරොයින්.
* ඔහු කියනව මට කෙනෙක් මේක දුන්න . මේකෙ කුඩු කියල මම දැනගෙන හිටියෙ නැහැ කියල.
* එදා සිට ඇප නැතිව රක්ෂිත බන්ධනාගාර ගතකරල මීගමුව මහාධිකරණය 1996/09/27 දින ඔහුට මරන දඬුවම දෙනව.
* 1998/10/20 දින ගරු අභියාචනාධිකරණයේදී මරන දඬුවම ඉවත් කළ ගරු අභියාචනාධිකරණය එය ජීවිතාන්ත සිර දඬුවමකට පරිවර්තනය කොට එය වසර 20 ක සිර දඬුවමක් බවට පරිවර්තනය කරන ලෙසට නිර්දේශ කොට එම නිර්දේශය එවකට ජනාධිපති චන්ද්‍රිකා මැතිණිය වෙතට බන්ධනාගාර අධිකාරි හරහා යොමු කොට ක්‍රියාත්මක කරන ලෙසට නියෝග කරනු ලැබුව.
* මෙම තීන්දුව දෙනු ලැබුවේ ගරු අභියාචනාධිකරණ විනිසුරු FND ජයසූරිය මැති තුමා විසින්.
* අවාසනාවකට මෙම නිර්දේශය ජනාධිපතිනියට යැව්වෙ නැහැ.
* ඉහත නඩු තීන්දුව කියවා තේරුම් කර දීමට චූදිත සත්‍යාව 1999/09/27 දින මීගමුව එවකට මහාධිකරණ විනිසුරු ගාමිණී අබේරත්න මහා වෙත ඉදිරිපත් කළා.
* එතුමා අභියාචනාධිකරණ නඩු තීන්දුව කියවා දී දඬුවම් බලපත්‍රයේ දඬුවම ලෙසට “ වසර 20 ක සිර දඬුවමකි” ලෙසට ලියා අත්සන් කළා.
* එමේ තිබියදීත් සත්‍යාව නිදහස් කරන්න ජනාධිපති නිර්දේශයට ඉදිරිපත් කළේ නැහැ.
* ඒ සත්‍යානන්ද තමයි වසර 32 ක් සිරගත වෙලා වකුගඩු අමාරුව හැදිල අවාසනාවන්ත ලෙසට ඊයේ වැලිකඩදී මිය යන්නෙ.
* සත්‍යාව නිදහස් කර ගන්න ඕන කියල මම හිටියෙ දැඩි අධිෂ්ඨානයකින්. මට ඒක කරන්න බැරි වුනා.
* මට හරිම කණගාටුයි.
* තවම බිරිඳට මේක මම කිව්වෙ නැහැ.
* ජනාධිපති තුමා ඇතුලු රජයෙන් මම ඉල්ලා සිටින්නෙ දැන්වත් සිව්වස් සමාලෝචනය ක්‍රියාත්මක කරල සත්‍යා වගේ දීර්ඝ කාලයක් දඬුවම් විඳි සිරකරුවන්ව නිදහස් කරන්න වැඩ පිළිවෙලක් සකස් කරන්න කියලයි.
* මේ සඳහා යූ ටියුබ් චැනල් ඇතුලු ජන මාධ්‍යයේ සහය මම ඉල්ලා සිටිනව.
_ නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න
B. 13815 වසර 3.5 ක් සත්‍යා සමග එකට හිටපු සිර කරු, වැලිකඩ බන්ධනාගාරය



