spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ඇමරිකාව ලෝකයෙන් වසන් කල , පාරසරික අවධාණම ගැන ලෝකයට හෙළිකල පෘතුවිවාදී සටණ..

ඇමරිකාවේ Climate dot gov කියන්නේ එරට රජයේ නිල දේශගුණික දත්ත ප්‍රකාශයට පත් කරන ප්‍රධානම වෙබ් අඩවිය. ඒවගේම වසර 15ක් තිස්සේ ගොවියෝ, ගුරුවරු සහ මාධ්‍යවේදියෝ මේක පාවිච්චි කළා. හැබැයි මෑතකදී සිද්ධ වුණ රාජ්‍ය ප්‍රතිපත්ති සහ අයවැය කප්පාදු කිරීම් එක්ක මේ වෙබ් අඩවියේ වැඩ කරපු විශේෂඥයින් පිරිසකට තමන්ගේ රැකියා අහිමි වුණා කියලා ප්‍රවුර්තියක් පළවුනා…..

ඇත්තටම රජයේ බලාපොරොත්තු වුණේ දේශගුණික දත්ත විවිධ වෙබ් අඩවිවල විසිරුවා හැරලා සාමාන්‍ය මිනිස්සුන්ට සොයාගන්න අමාරු කරන්න එක…..

හැබැයි පුදුම වැඩේ කියන්නේ, රැකියාවෙන් අයින් කරපු සේවකයෝ නිකං හිටියේ නැහැ….

මේ කණ්ඩායමට නායකත්වය දුන්නේ සහ ඔවුන්ව මෙහෙයවූයේ NOAA ආයතනයේ හිටපු වැඩසටහන් කළමනාකාරිනී රෙබෙකා ලින්ඩ්සේ. ඇය ඇතුළු කණ්ඩායම එකතු වෙලා Climate dot us කියලා අලුත්ම ස්වාධීන වෙබ් අඩවියක් නිර්මාණය කළා. රජයේ දත්ත ගබඩාවල තිබුණු සංකීර්ණ තොරතුරු මහජනතාවගෙන් ඈත් වෙන්න නොදී ආරක්ෂා කරගන්න ඔවුන්ට අවශ්‍ය වුණා……….


රජයේ වෙබ් අඩවිවල තියෙන දත්ත නීත්‍යානුකූලව පොදු දේපලක්… ඒ නිසා මේ දත්ත පිටපත් කරලා වෙනත් වෙබ් අඩවියක දැමීම කිසිසේත්ම නීති විරෝධී වෙන්නේ නැහැ. ඔවුන් හොරෙන් නෙවෙයි, සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව මේ දත්ත මහජන ප්‍රයෝජනය සඳහා වෙනත් තැනක තැන්පත් කළා….

ඔවුන් නීතිය මොකද්ද කියලා දැනගෙනම තමයි ට්‍රම්ප්ට පාඩමක් උගන්නන මේ වැඩේ කරේ. හැබැයි මේ ලිපිය කියවන යනකොට තේරෙයි මෙතන පළිගැනීමට වඩා උතුම් අදහසක් ඔවුන් සතුව තිබු බව…..

මේක නිකම්ම දත්ත ගබඩාවක් නෙවෙයි, විශාල තාක්ෂණික කාර්යභාරයක්……….

දේශගුණික දත්ත කියන්නේ සංකීර්ණ ගණිතමය ආකෘති බව ඔබට අමුතුවෙන් පවසන්නට අවශ්‍ය නැහැ. සාමාන්‍ය කෙනෙකුට චන්ද්‍රිකා දත්ත සෘජුවම කියවන්න බැහැ. මේ කණ්ඩායම කළේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම සහ ගෝලීය උෂ්ණත්වය වැනි දත්ත සරල ප්‍රස්ථාර, සිතියම් සහ දෘශ්‍යකරණයන් (visualizations) බවට පත් කරපු එක…

හැබැයි මේකේ අනිත් පැත්තකුත් තියෙනවා…..

රජයේ අනුග්‍රහයක් නැතුව මේ වගේ වැඩක් කරන්නේ කොහොමද කියලා? ඔවුන් මහජන ආධාර හරහා ඩොලර් 280,000කට වඩා එකතු කරගත්තා. ඒ වගේම නිර්නාමික ප්‍රදානයක් මගින් 2027 වෙනකම් වෙබ් අඩවිය පවත්වාගෙන යන්න අරමුදල් ලැබිලා තියෙනවා. තොරතුරු නිවැරදිද කියලා පරීක්ෂා කරන්න ස්වේච්ඡා විද්‍යාඥයෝ 80ක් විතර මේකට දායක වෙනවා….
මට හිතෙන විදිහට මේක දේශපාලනය සහ විද්‍යාව අතර සිද්ධ වුණ තාක්ෂණික අරගලයක්…..

රජයකට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කරගෙන යන්න පරිසර දත්ත බාධාවක් වෙනකොට, ඔවුන් කරන්නේ ඒ දත්ත ජනතාවගෙන් වසන් කරන එක. හැබැයි තාක්ෂණය දියුණු ලෝකයක තොරතුරු එහෙම හංගන්න බැහැ. Climate dot us හරහා ඔප්පු වෙන්නේ නිවැරදි තොරතුරු දැනගැනීමේ අයිතිය කිසිම බලධාරියෙකුට සීමා කරන්න බැරි බවයි..

ඇත්තටම මම මේ දත්ත ගැන තව ටිකක් හොයලා බලන්න තීරණය කළා..

අපි හිතන්නේ දේශගුණික විද්‍යාව කියන්නේ නිකම්ම හෙට වැස්ස වහිනවද නැද්ද කියන එක විතරයි කියලා. හැබැයි මේ වෙබ් අඩවියේ තියෙන්නේ මුළු පෘථිවියේම හෘද ස්පන්දනය වගේ අතිශය වටිනා දේවල්. උදාහරණයක් විදිහට වායුගෝලයේ කාබන් ඩයොක්සයිඩ් මට්ටම කොටස් මිලියනයකට කොපමණද (Parts Per Million – PPM) කියන එක මනින දත්ත. මේවා NOAA ආයතනයේ චන්ද්‍රිකා සහ සාගර සංවේදක මගින් සජීවීව එකතු කරන මිනුම්.

දේශපාලන අධිකාරියකට මේ දත්ත දිරවන්නේ නැත්තේ ඇයි කියලා දැන් ඔබ හිතනවා ඇති. ඒකට හේතුව…

කර්මාන්තශාලා සහ පොසිල ඉන්ධන භාවිතය නිසා පරිසරයට වෙන හානිය මේ දත්තවලින් කෙලින්ම ඔප්පු වෙනවා. ආණ්ඩුවකට තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති කරගෙන යන්න මේ දත්ත බාධාවක් වෙනකොට ඔවුන් කරන්නේ වෙබ් අඩවිය මඟහැරලා දාන එක. ඒ කියන්නේ ජනතාවට ඇත්ත දැනගන්න තියෙන මාර්ගය අවහිර කරන එක. මෙතනදී තමයි අර රැකියාවෙන් අයින් කරපු සේවකයින්ගේ වැදගත්කම තදින්ම පේන්නේ.

ඔවුන් දත්ත සන්නිවේදනය පිළිබඳ විශේෂඥයෝ.

මේ කණ්ඩායම කළේ නිකම්ම වෙබ් අඩවියක් කොපි කරපු එක නෙවෙයි. රජයේ දත්ත ගබඩාවල තිබුණු විශාල දත්ත සමුදායන් පොදු ජනතාවට තේරෙන ග්‍රැෆික් සහ සිතියම් බවට පරිවර්තනය කරන එක. මේ වැඩේට විශාල ශ්‍රමයක් වගේම තාක්ෂණික දැනුමක් අවශ්‍යයි.
රජය බලාපොරොත්තු වුණේ මේ දත්ත විවිධ රාජ්‍ය වෙබ් අඩවිවල විසිරුවා හැරලා මිනිස්සුන්ට සොයාගන්න බැරි වෙන්න අවුල් කරන්න.

හැබැයි මේ කණ්ඩායම Climate dot us හරහා ඒ හැමදේම එකම තැනකට ගෙනාවා. මේක ඇත්තටම වෙනස්ම ආකාරයක අරගලයක්. සාමාන්‍යයෙන් මිනිස්සු රජයකට විරුද්ධව පාරට බැහැලා කෑගහනවා. හැබැයි මේ දත්ත විශේෂඥයෝ කළේ තමන්ගේ ලැප්ටොප් පරිගණක සහ තාක්ෂණික දැනුම පාවිච්චි කරලා නිශ්ශබ්දව ලොකු වෙනසක් කරපු එක……
ඔවුන් පෙන්වා දුන්නා තාක්ෂණය සහ නිවැරදි තොරතුරු තනි පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවකට යටපත් කරන්න බැහැ කියන එක.

මේක අනාගතයේදී වෙනත් ක්ෂේත්‍රවලටත් ලොකු ආදර්ශයක් වෙන්න පුළුවන්. තොරතුරු දැනගැනීමේ අයිතිය කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම අංගයක්. විද්‍යාව සහ තාක්ෂණය දේශපාලන වාසි තකා වෙනස් කරන්න හෝ හංගන්න හැදුවොත්, ඒකට තාක්ෂණයෙන්ම උත්තර දෙන්න පුළුවන් මිනිස්සු ලෝකයේ ඉන්නවා. Climate dot us කියන්නේ ඒ විදිහට තාක්ෂණයෙන් සහ කැපවීමෙන් දිනාගත්ත ලොකු ජයග්‍රහණයක්….

අවසාන වශයෙන්, විද්‍යාව කියන්නේ දේශපාලන මෙවලමක් නෙවෙයි, ලෝකයේ සැබෑ තත්ත්වය පෙන්වන කැඩපතක්. ඔබ මොකද හිතන්නේ ඔවුන්ට මුළු ලෝකයේම ප්‍රණාමය හිමිවිය යුතුයි නේද ?

Popular Articles