spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

එල්නිනෝ කාලගුණ විපර්යාස වලට මුහුණදෙන්න අරන් තියෙන තීරණ මොනවද..?

එල්නීනෝ ලානීනා තත්ත්වය මේ වන විට අප රටට දැඩි බලපෑම් එල්ල කරමින් තිබේ…නියගය නිසා ප්‍රදේශ රැසක ජනතාව අසරණ වී ඇති බව මාධ්‍ය වාර්තා තුළින් දැකගත හැකිය. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට 2026 ජුනි 22 වැනි දින කැබිනට් මණ්ඩලය විසින් සියලු රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණය සහතික කිරීමට පරිසර ඇමතිවරයාගේ සභාපතීත්වයෙන් විශේෂ අමාත්‍යා මණ්ඩල අනු කමිටුවක් හා නිලධාරී මණ්ඩලයක් පත් කර තිබේ..

මෙම අනුකමිටුව පත් කිරීමට මාස 6කට පෙර සිටම විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය මෙම එල්නීනෝ ලානීනා තත්ත්වය නිසා රටට සිදුවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් ජනතාවත් රජයත් දැනුවත් කර සිටියේය. ඒ අනුව රජය විසින් පත් කරන ලද මෙම අනු කමිටුව සහ නිලධාරී මණ්ඩලය විසින් එල්නීනෝ ලානීනා තත්ත්වය සහ එයට සමගාමීව සිදුවන කාලගුණ දේශගුණ විපර්යාසවලට මුහුණ දීමට සහ ජන ජීවිත ආරක්ෂා කිරීමට ගෙන ඇති පියවර සහ මේ වන විට සිදු කර ඇති පුරෝකථන සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරන ලෙස අද පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පැවසීය.

Popular Articles