Saturday, June 6, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

“ඕනෑම වෙලාවක ඡන්දෙට අපි ලෑස්තියි” – මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ විධායක සභාවෙන් ගත් තීරණය සාගර කාරියවසම් හෙළි කරයි

ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්‍ෂකයින් තේරීමේ ප්‍රධාන කමිටුවේ නායකත්වය හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙත පැවරීමට එම පක්‍ෂය නිල වශයෙන් තීරණය කර තිබේ.

පක්‍ෂයේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ සාගර කාරියවසම් මහතා විසින් මාධ්‍ය වෙත මේ බව අනාවරණය කළේය.

මෙම සුවිශේෂී දේශපාලන තීන්දුවට එළඹ ඇත්තේ පක්‍ෂ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පැවැත්වුණු විශේෂ විධායක සභා රැස්වීමේදීය.

බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පොදුජන පෙරමුණේ ප්‍රධාන පක්‍ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව සංවිධානය කර තිබුණි.

එම විධායක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් මහ ලේකම්වරයා සඳහන් කළේ, පක්‍ෂයේ ඉදිරි සංවිධාන කටයුතු සහ අභ්‍යන්තර ව්‍යූහය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ රැසක් එහිදී ඒකමතිකව ගත් බවයි.

ඒ අනුව මැතිවරණ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීම සඳහා ඉදිරියේදී පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් තවත් විශේෂ අනුකමිටු කිහිපයක්ම පිහිටුවීමට ද පක්ෂය සැලසුම් කර තිබේ.

මෙම අපේක්ෂකයන් තේරීමේ කමිටුවේ ව්‍යූහය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පක්ෂ මහ ලේකම් සාගර කාරියවසම් මහතා මෙසේ පැවසීය,

“ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පත් කළ මෙම ප්‍රධාන කමිටුව නියෝජනය කරන්නේ දේශපාලන ක්ෂේත්‍රය මෙන්ම බිම් මට්ටමේ මහජනතාව සහ සිතිවිලි ගැන මනා වැටහීමක් හා පළපුරුද්දක් තියෙන හිටපු අමාත්‍යවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ පිරිසක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විදිහට අපි ඕනෑම මොහොතක පවත්වන පළාත් සභා ඡන්දයට මුහුණ දෙන්න දැන් සම්පූර්ණයෙන්ම සූදානම්.”

Popular Articles