Saturday, May 16, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

කැළණිය අතර දුම්රියක් පීලි පනී

වනවාසල සහ කැළණිය අතර දුම්රියක් පීලි පනී: ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට දැඩි බාධා

අද උදෑසන වනවාසල සහ කැළණිය දුම්රිය ස්ථාන අතරතුරදී දුම්රියක් පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවන කටයුතුවලට දැඩි බාධා එල්ල වී තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ අලුයම 3.25 ට පොල්ගහවෙල සිට දකුණු කළුතර බලා ධාවනය වෙමින් තිබූ මන්දගාමී දුම්රියකි. අද උදෑසන 5.20 ට පමණ මෙම දුම්රිය පීලි පැනීමට ලක්ව ඇත.

දුම්රිය පීලි පැනීමත් සමඟ එහි එක් මැදිරියක් අනෙක් පස දුම්රිය මාර්ගයට ද පෙරළී ගොස් තිබේ. අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ ගමන් ගත් එක් මගියෙකුට බරපතළ තුවාල සිදුව ඇති බව ද වාර්තා වේ.

මෙම සිදුවීම හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ධාවනයට මේ වන විට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මාර්ගය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සඳහා පියවර ගනිමින් පවතින බව ද වාර්තා වේ.

Popular Articles