spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

චරිත් ගැන කිඹුල් කදුළු සලන අයට, වරුණගෙ උත්තරය.. වරුණගෙ උත්තරය..👇 වීඩියෝ.

චරිත්ට චෝදනාවක් එල්ල වූ විටම මම ඒ ගැන මගේ අදහස ප්‍රකාශ කලා , බොහෝ දෙනෙක් ඔහු හොරෙක් , තක්කඩියෙක් කියා ලේබල් කරන විට මා කිව්වේ , සරල කරුණු කීපයකි

1 මා ඔහු ආශ්‍රය කල වසර එක හමාරක කාලයේ ඔහු සතුව , එවන් මුදලක් තිබුනේ නැත

2 ඔහු නිවරද කරුද ,වැරදිකරුද කියා ඇප ලබා විත් ඔහුගේ කතාව කියන තෙක් ඉවසිය යුතුය

3 ඔහු තමා නිර්දෝශී යයි කියන්නේ නම් එය අ‍ධිකරණයේ ඔප්පු කිරීමට අවස්ථාව දිය යුතුය

4 ඔහු වරදකරුවෙකු නම් මට ඔහු සමග දේශපාලනය කල නොහැක , එහෙත් මගේ මිත්‍රත්වය වෙනස් වන්නේ නැත . ඔහු මගේ මිත්‍රත්වයට වරදක් නොකරන තෙක් මිතුරෙකි , මිත්‍රත්වයට වරදක් කලොත් ඉන්පසුද සතුරෙකු වන්නේ නැත. ඒ මට පුද්ගලික සතුරන් නොමැති බැවිනි

අද අධිකරණයේ සිදුවූයේ කුමක්ද ?

ඔහුට ඇප ලැබුනොත් ඇප අත්සන් කිරීමට කිහිප දෙනෙකුම එහි ගොස් සිටි අතර සාමාන්‍යයෙන් මෙවැනි නඩුවක මුදල් ඇප ලෙස තැබිය යුතු මුදලද සූදානම්ව පැවතුනි

එහෙත් මුදල් ඇප වලට අමතරව ශරීර ඇප ලබාදෙන අය සතුව ලක්ෂ 50ක වත්කම් තිබිය යුතුබව ප්‍රකාශ විය .

ඒ සදහා , ග්‍රාම සේවක සහතිකයක් ,උපැන්න සහතිකයක් , ලක්ෂ පනහක වත්කම් ඇති බවට ලිපි ලේඛන සහ ඇපකරුගේ ආදායම සනාත කරන දෙයක් අවශ්‍ය විය

අනෙකුත් සියලු ලේඛන තිබුනද ලක්ෂ 50ක වත්කම් ඔප්පු කල හැකි ලේඛන සහිත අයෙකු එම ස්ථානයේ සිටියේ නැත. ක්ෂණිකව කල හැකි එකම දේ ලෙස මා මගේ බිරිදට අදාල ලේඛන සකස් කරගෙන අධිකරණයට එන ලෙස පැවසීමෙන් පසු

ඇය ග්‍රාමසේවක හමුවී ,ග්‍රාමසේවක සහතිකයක් ,ඔප්පු දෙකක් සහ අනෙකුත් ලේඛන රැගෙන අධිකරණය වෙත දවල් එක වන විට පැමිණි අතර තවත් සිව් දෙනෙක් පමණ දෙක වන විට සූදානම් විය , එහෙත් එම අයගෙන් කීපදෙනෙකුගේ ඔප්පු වල අගය අඩුවීම නිරවුල් අයිතිය පිලිබද ගැටලු පැවතුනි

මගේ බිරිදගේ සහ චරිත්ගේ න‍ංගිගේ ලිපි ඉදිරිපත් කල නමුත් මගේ බිරිද පවුලේ අයෙකු නොවන නිසා ප්‍රතික්ෂේප විය . ඉන් පසු වෙනත් විකල්පයකට කාලය නොවූ නිසා ඔහුට ඇප ලබා ගත නොහැකි විය .

දැන් ලගම අධිකරණ දිනයේ අදාල ලේඛණ සහිත පවුලේ කෙනෙකු ඉදිරිපත් විය යුතුය .

මේ සිදුවීම නිසා සජබට චෝදනා එල්ල කරන බොහෝ අය චරිත් අතඩංගුවට පත්වූ සැනින් ඔහු හොරෙක් කර හං සලකුණු ගැසූ අයයි. එවැනි චෝදනාවක් සජබට කරීමට අයිතිය ඒ කිසිවෙකුට නැත . චෝදනාවක් ඇත්නම් එය කිරීමට හැක්කේ චරිත්ට ,ඔහුගේ බිරිදට සහ ඔහු වෙනුවෙන් අතඩංගුවට පත් මොහොතේ සිට ඇප තැන්පත් කිරීම තෙක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වු මිතුරන් කිහිප දෙනාට පමණි

( චායාරූපය ලිපියට සම්භන්දයක් නැත )

Popular Articles