spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

චීනයේ PALLAS-1 රොකට්ටුවේ මංගල අභ්‍යවකාශ ගමන සාර්ථක වේ

චීන වාණිජ අභ්‍යවකාශ ඉතිහාසයේ නව සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, PALLAS-1 Y1 වාහක රොකට්ටුව සිය මංගල අභ්‍යවකාශ ගමන සාර්ථකව නිම කර තිබෙනවා.
වයඹදිග චීනයේ ඩොංෆෙං වාණිජ අභ්‍යවකාශ නවෝත්පාදන නියමු කලාපයෙන් මෙම රොකට්ටුව අභ්‍යවකාශය වෙත මුදා හැරුණේ, බෙයිජිං වේලාවෙන් අද (01) උදෑසන 10.00 වන විටයි.
නියමිත වේලාවට ගුවන්ගත වූ එම රොකට්ටුව, සම්පූර්ණ ගුවන් ගමන් කාලය තුළ කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව PALLAS-1 Y1 වාහක රොකට්ටුවේ මෙම මංගල මෙහෙයුමේදී අපේක්ෂිත සියලු පරීක්ෂණ අරමුණු සම්පූර්ණයෙන්ම සාර්ථක කර ගැනීමට හැකි වූ බව අදාළ බලධාරීන් තහවුරු කර තිබෙනවා.
මෙම සාර්ථකත්වයත් සමග චීනයේ අනාගත වාණිජ අභ්‍යවකාශ මෙහෙයුම් සඳහා නව මාවතක් විවර කරනු ඇති බවයි සඳහන් වන්නේ.

දිනූෂි ධීරසිංහ
චීනයේ බෙයිජිං නුවර සිට

Popular Articles