තායිලන්තයෙන් “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට රැගෙන ආ බවට චෝදනා ලැබූ භික්ෂූන් වහන්සේලා 23 දෙනා මැයි 26 දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් සුභානි අබේසේකර අද (12) නියෝග කළාය.
මෙම සැකකරුවන් අප්‍රේල් 25 වන දින කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් තායිලන්තයෙන් පැමිණි අවස්ථාවේදී ගමන් මලු තුළ සඟවා තිබූ කිලෝග්‍රෑම් 112ක “කුෂ්” සහ “හෑෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුණි.
පොලිස් විමර්ශන අනුව මෙම ජාවාරම සංවිධානය කර ඇති බවට “අමිථානන්ද” නම් භික්ෂුවක් පිළිබඳව අනාවරණය වී ඇති අතර, ඔහු පසුව ගම්පහ ප්‍රදේශයේ විහාරස්ථානයක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම භික්ෂූන් වහන්සේලා කණ්ඩායම තායිලන්ත සංචාරයකින් පසු මෙරටට පැමිණ ඇති අතර ගුවන් තොටුපොළ බලධාරීන්ගේ පරීක්ෂාවකින් පසු මෙම මත්ද්‍රව්‍ය තොගය හසුවී ඇත.
සැකකරුවන් 23 දෙනාම අද දිනයේදී යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.




