Friday, April 17, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

දැදුරු ඔයේ දිය නෑමට ගිය 15 දෙනෙකු අතරින් 10 දෙනෙකු දියේ ගිලී අනතුරට

දැදුරු ඔය තුළ දිය නෑමට ගිය පිරිසක් අතර සිදු වූ අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර තවත් හය දෙනෙකු අතුරුදන් වී තිබේ.

පුද්ගලයන් 15 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ (16) පස්වරුවේ ගඟට පිවිසි අවස්ථාවේ, ඔවුන්ගෙන් 10 දෙනෙකු දියේ ගිලී ඇතැයි වාර්තා වේ.

අනතුරට ලක්වූවන් අතරින් දෙදෙනෙකු බේරාගෙන රෝහල්ගත කර ඇති අතර, තවත් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබේ. ඉතිරි හය දෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු නොමැති බව පොලිසිය පවසයි.

කඩවත ප්‍රදේශයේ සිට පැමිණි පුද්ගලයින් කිහිප දෙනෙකු කොබෙයිගනේ ප්‍රදේශයේ ඥාති නිවසකට ගොස් තිබූ අතර, එහි සිටි අනෙක් පිරිස සමඟ එක්ව දිය නෑම සඳහා ගඟට ගොස් ඇති බව අනාවරණය වී ඇත.

අතුරුදන්වූවන් සොයා ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටී.

Popular Articles