කොළඹ වරාය නගර ආර්ථික කොමිසම සම්බන්ධ නව නීති සහ කම්කරු නීති සංශෝධන කිහිපයක් මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කමිටුව (COPF) විසින් අනුමත කර ඇත.
මෙම නව නියමයන් 2026 පෙබරවාරි 13 දින ගැසට් අංක 2475/28 යටතේ ප්‍රකාශයට පත් කර ඇති අතර, පෝර්ට් සිටි තුළ ඇති duty-free වෙළඳසැල් ක්‍රියාකාරීත්වයට බලපාන නීති කිහිපයක් සංශෝධනය කරයි.
නව තීරණය අනුව, මීට පෙර සීමා කර තිබූ ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට පෝර්ට් සිටි duty-free වෙළඳසැල් වලින් භාණ්ඩ මිලදී ගැනීමට තිබූ සීමා ලිහිල් කර ඇත. මෙහි අරමුණ ලෙස දේශීය ජනතාවගේ සහභාගීත්වය වැඩි කිරීම සහ එම වෙළඳ කලාපයේ ආර්ථික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම සඳහන් වේ.
නිලධාරීන් පෙන්වා දී ඇත්තේ පෝර්ට් සිටි වෙත පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ප්‍රමාණය තවමත් අඩු මට්ටමක පවතින බවත් (සමස්ත සංචාරකයන්ගෙන් 1.5% පමණක්) එබැවින් දේශීය පාරිභෝගිකයන් සඳහා ප්‍රවේශය වැඩි කිරීම වැදගත් බවත්ය.
එමෙන්ම duty-free භාණ්ඩ අනිසි ලෙස දේශීය වෙළඳපොළට පැමිණීම වැළැක්වීමටද අවධානය යොමු කර ඇති බවද සඳහන් වේ.
ඊට අමතරව, රැකියා නීති සම්බන්ධයෙන්ද COPF විසින් නව සංශෝධන අනුමත කර ඇත. 2025 දී ගත් තීරණයකට අනුව සමහර “strategically important businesses” සඳහා කම්කරු නීති (TEWA) අදාළ නොවූ නමුත්, නීතිමය අභියාචනයක් හේතුවෙන් රජය එම ස්ථාවරය සංශෝධනය කර ඇත.
නව සංශෝධනය අනුව TඅEWA නීතියේ 2, 11 සහ 12 වගන්ති පමණක් එවැනි ව්‍යාපාර සඳහා ව්‍යතිරේක වන අතර අනෙක් සියලු වගන්ති තවදුරටත් ක්‍රියාත්මක වේ.
නිලධාරීන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ මෙවැනි ව්‍යතිරේක අනෙකුත් “Secondary Business of Strategic Importance” ලෙස හඳුනාගත් ව්‍යාපාර සඳහාද ක්‍රමයෙන් පුළුල් කිරීමට සැලසුම් කර ඇති බවයි.




