කායෝසර්ග මුද්‍රාවෙන් කය පිළිබඳ සියලු බලාපොරොත්තු වලින්, සියලු නිමිති වලින් නිදහස්ව ධ්‍යානී ස්වරූපයෙන් වැඩ වසන ලොව එකම බෝසත් ප්‍රතිමා වහන්සේ වන ආසිරි මෛත්‍රෙය බෝධිසත්ව ප්‍රතිමාව පොසොන් පොහෝ දා (2026 06 29) උමංදාවේ දී විවෘත වුණා. මෙම ඓතිහාසික මොහොත වෙනුවෙන් චීන, වියට්නාම, පලස්තීන සහ ඉන්දුනීසියානු තනාපතිවරුන් ඇතුළු බොහෝ රාජ්‍යතාන්ත්‍රික ප්‍රභූ පිරිස් සම්බන්ධ වූ අතර හිටපු අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස්, පා.ම උදය ගම්මන්පිල, කරු ජයසූරිය ඇතුළු අමුත්තන් ද සම්බන්ධ වුණා. මෙම ඓතිහාසික මොහොත සියැසින් දැකගන්නට සහ ආශිර්වාදය පිණිස තායිවානයේ Shi, Chuan Dun මෙහෙණින් වහන්සේ ප්‍රමුඛ 25 දෙනෙකුගෙන් සමන්විත ධූත පිරිසද සහභාගී වූ අතර ඔවුන් විශේෂ මෛත්‍රෙය බෝසත් වන්දනාවක් ද පවත්වන්නට යෙදුණා. මීට අමතරව දහස් ගණනක පිරිසක් පොසොන් පුන්පොදා උමංදාවට රැස් ව සිටි අතර එදින පුරාම උමංදාව රාජකීය දන්සල ද ඔවුන් වෙනුවෙන් පිළියෙල වී තිබුණා.




