spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

නදී සම්මාන ත්‍රිත්වයක් දිනා ගනී

බටහිර බෙංගාලයේ කල්කටාහි පැවැත්වුණු ‘ස්වාමි විවේකානන්ද’ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලෙහිදී ‘පැන්ට්‍රම්’ චිත්‍රපටය සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්විය.

ඒ, මෙම සම්මාන උළෙලෙ තරගකාරී ම අංශයන් වන හොඳ ම වෘතාන්ත චිත්‍රපටය, හොඳ ම කතාව හා තිර රචනය සඳහා නදී වාසලමුදලිආරච්චි ‘පැන්ට්‍රම්’ චිත්‍රපටය වෙනුවෙන් එහිදී අන්තර්ජාතික සම්මාන ද්විත්වයක් දිනා ගන්නා ලදී.

එමෙන් ම, හොඳ ම කැමරාකරණය උදෙසා රිෂී සෙල්වම් මෙම චිත්‍රපටය වෙනුවෙන් සම්මානයට පාත්‍රවීම මෙහිදී කැපී පෙනුණි.

එතෙක් මෙතෙක් ඉන්දියාවේ පැවති සම්මාන උළෙලකදී එක ම චිත්‍රපටය සම්මාන තුනක් දිනාගැනීමට සමත් වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර එක් අයෙකු විසින් ජාත්‍යන්තර සමාන දෙකක් එකවර හිමිකරගත් ප්‍රථම අවස්ථාව ද මෙයයි.

සැප්තැම්බර් 11 වන දා සිට 14 වන දා දක්වා බරහිර බෙංගාලයේ කොල්කටාහි ස්වාමි විවේකානන්ද’ ජාත්‍යන්තර සිනමා උළෙල පැවැත්වුණි.

සම්මාන උළෙලේ සමාරම්භක දිනයේ ලෝක පූජිත සම්මානීය බෙංගාල චිත්‍රපට අධ්‍යක්ෂක ගවුතම් ගෝශ්, ප්‍රධාන ආරාධිතයන් අතර බංග්ලාදේශයේ ආචර්‍ය නුරාන් නභි මහතා, චිත්‍රපට නිශ්පාදක හා අධ්‍යක්ෂක අන්ජන් භාසු මහතා, මහාචාර්ය බසූදා භිශ්වා, මහාචාර්ය සුමන්ත බද්ද්‍යෝපාද්‍ය ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල විරිසක් උළෙල වර්ණවත් කිරීමට එක්විණි.

‘පැන්ට්‍රම්’ චිත්‍රපටය අයිඩා ප්‍රඩක්ෂන්ස් නිෂ්පාදනයක් වන අතර සම්පත් ගුණවර්ධන හා උදාර පල්ලියගුරු සම නිෂ්පාදනයකි.

හේමසිරි ලියනගේ, අනසූයා සුබසිංහ, මයුර පෙරේරා, තිලක්ෂන් තර්මිකන්, අක්දෙව් ලියනගේ, දිලීපන් මෙහි ප්‍රධාන චරිත රඟදක්වන අතර කැමරාකරණය රිෂී සෙල්වම් විසිනි.

පැන්ට්‍රම්’ චිත්‍රපටය සිංහල, දෙමළ ද්විභාෂික චිත්‍රපටයක් වන මෙහි පශ්චාත් යුධ සමයේ මානව සබඳතාවල අර්ථය සොයා යන පිය පුතු දෙපළකගේ කතාවක් ඇතුළත් ය.

මෙම උළෙළේදී ‘පැන්ට්‍රම්’ චිත්‍රපටයේ කැමරා අධ්‍යක්ෂණය වෙනුවෙන් හොදම කැමරා අධ්‍යක්ෂණයට සම්මාන හිමි කරගන්නා රිෂී සෙල්වම් කොරියාවේ ආසියානු චිත්‍රපට ඇකඩමියේ අධ්‍යාපනය හදරා ඇති අයෙකි.

විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘මනල්’ චිත්‍රපටයෙන් වෘතාන්ත චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණයට පිවිසෙන රිෂී සෙල්වම්ගේ දෙවන වෘතාන්ත චිත්‍රපටය වන ‘පැන්ට්‍රම්’ සඳහා තම ප්‍රථම සම්මානය දිනාගනු ලැබිණි.

මෙම වසරේ මැයි මස 09 වන දා කේරළයේ පැවති ‘Independent Experimental Film Festival of Kerala ජාත්‍යන්තර සිනමා උළෙල සඳහා තේරී පත්වූ අනෙකුත් රටවල් 6ක චිත්‍රපට සමගින් ලෝක සිනමා අංශය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නදී වාසලමුදලිආරච්චි අධ්‍යක්ෂණය කරන ලද ‘පැන්ට්‍රම්’ චිත්‍රපටය ප්‍රථමවරට සිය ලෝක දැක්ම (World premiere) සිදු කරන ලදි.

එහිදී විශාල මාධ්‍ය, ප්‍රේක්ෂක, විචාරක අවධානයට ලක් වූ මෙම චිත්‍රපටය නියෝජනය කළ දෙවන ජාත්‍යන්තර චිත්‍රපට උළෙල මෙයයි.

නිවේදිකාවක, මාධ්‍යවේදිනියක හා ලේඛිකාවක වන නදී වාසලමුදලිආරච්චි චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන ප්‍රථම වතාව මෙය වන අතර ‘පැන්ට්‍රම්’ චිත්‍රපටය ඇය විසින් අධ්‍යක්ෂණය කරනු ලබන කුළුඳුල් වෘතාන්ත චිත්‍රපටයයි.

චිත්‍රපටයේ රූගත කිරීම් ලංකාවේ මන්නාරම ප්‍රදේශයේ සිදුකර ඇති අතර එය කලාත්මක සිනමා ශානරයට අයත් චිත්‍රපටයකි.

මෙම චිත්‍රපටය නුදිරේදී ම ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකාගාරයට මුදා හැරීමට බලාපොරොත්තු වන බව චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව වන නදී වාසලමුදලිආරච්චි පැවසුවා ය.

Popular Articles