මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාමසාධක රාජකාරිවල නිරත වෙලා හිටපු සැම්බියානු සෙබළුන් පිරිසකට සන්|නද්ධ කණ්ඩායමක් විසින් ද|රුණු ප්‍ර|හාරයක් එ|ල්ල කරලා තිබුණා.තත්ත්වය කොච්චර ද|රුණු වුණාද කියනවා නම්, අයහපත් කාලගුණය සහ ස|තුරු ප්‍ර|හාර මැද තුවාල ලැබූවන් බේරාගන්න පැමිණි පාකිස්ථාන ගුවන් හමුදා හෙලිකොප්ටර් යානය පවා මේ මෙහෙයුම මඟහැරලා තිබුණා.හැබැයි, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධාන අණදෙන නිලධාරියා මේ අභියෝගය පැවරුවේ අපේ ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියටයි.
ඒ අනුව ගෲප් කැප්ටන් ආසිරි පතිරගේ සහ සහය නියමු ෆ්ලයිට් ලෙෆ්ටිනන්ට් දිල්හාෂ් අතපත්තු ඇතුළු 9 දෙනෙකුගෙන් යුත් වීරෝදාර කණ්ඩායමක් UNO 325P දරන Mi-17 හෙලිකොප්ටර් යානයෙන් මෙහෙයුමට පිටත් වුනා. පැය 2යි විනාඩි 10ක අඛණ්ඩ පියාසර කිරීමකින් පසු, ස|තුරන් කොහෙන්
තියෙනවද කියලා දන්නේ නැති අතිශය භයානක ස|ටන් කලාපයකට ළඟා වුනු අතර ජීවිත අවදානම නොතකා, හෙලිකොප්ටරයේ එන්ජිම පණගන්වා තිබියදීම (With engines running) ඉතා කෙටි වෙලාවකින් සාමසාධක භටයින් ඇතුළු 14 දෙනෙකුගේ ජීවිත බේරාගැනීමට අපේ විරුවෝ සමත් වුණා!
අයහපත් කාලගුණයටවත්, සතුරු ප්රහාරවලටවත් සැලුනේ නැති අපේ කොල්ලන්ගේ මේ අසමසම වෘත්තීය නිපුනත්වය සහ නිර්භීතකම නිසා මේ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) ඉහළම ප්‍රශංසාව ශ්‍රී ලංකාවට හිමිවෙලා තියෙනවා.



