Tuesday, May 19, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

පල්ලේගම හේමරතන හිමි නඩුවේ තීරණාත්මක හැරවුමක්, බැංකු ගිණුම් සහ දුරකථන දත්ත අධිකරණයට

අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් වැදගත් නියෝගයක් ලබාදී ඇත.

පොලිස් වාර්තාවක් සැලකිල්ලට ගනිමින්, අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා, වයස අඩු දැරියක් දූෂණය කළ බවට චෝදනා ලැබ සිටින පල්ලේගම හේමරතන හිමියන් සම්බන්ධ නඩුවේ වැඩිදුර තොරතුරු ලබාදෙන ලෙස රාජ්‍ය හා පෞද්ගලික බැංකු සියල්ලට නියෝග කර තිබේ.

මෙම නියෝගය අනුව, අදාළ දැරියගේ මව විසින් පවත්වාගෙන ගිය බැංකු ගිණුම් පිළිබඳ වාර්තා අධිකරණයට ඉදිරිපත් කළ යුතුය.

එසේම, රජයේ සහ පෞද්ගලික දුරකථන සමාගම්වලටද, එම දැරිය සහ හේමරතන හිමියන් භාවිත කළ ජංගම දුරකථන අතර පැවති දුරකථන සංවාද හා සන්නිවේදන තොරතුරු අධිකරණයට ලබාදෙන ලෙස නියෝග කර ඇත.

මෙම නඩුවට අදාළව, හේමරතන හිමියන් සහ දැරියගේ මව මැයි 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

Popular Articles