පළාත් සභා මැතිවරණය මෙම වසර (2026) තුළ අනිවාර්යයෙන්ම පවත්වන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා අවධාරණය කරයි. අද (15) මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.
මැතිවරණය ප්‍රමාද වන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, රජය සතුව ඒ පිළිබඳ නිසි සැලසුමක් පවතින බව පවසා සිටියේය. කෙසේ වෙතත්, මැතිවරණය පවත්වනු ලබන නිශ්චිත කාලසීමාව ප්‍රකාශ කිරීමට මෙය සුදුසුම අවස්ථාව නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය
“පළාත් සභා ඡන්දය තියෙනවා. කවුද කියන්නේ ප්‍රමාද කරනවා කියලා? අපිට ඒ සම්බන්ධයෙන් පැහැදිලි දැක්මක් තිබුණා. මේ අවුරුද්ද ඇතුළත මැතිවරණය පවත්වනවා, ඒ ගැන බය වෙන්න එපා. නිශ්චිතවම කොයි කාලයේද කියලා දැන්ම කියන්න බෑ, නමුත් මේ වසරේ එය පැවැත්විය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නවා.”




