Sunday, May 17, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුවට මෙරට නියෝජිත පිරිසක් එක්වෙයි

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන 79 වන ලෝක සෞඛ්‍ය සමුළුවට සමගාමීව සංවිධානය කරන ලද පොදුරාජ්‍ය මණ්ඩලීය සෞඛ්‍ය සම්බන්ධීකරණ සමුළුව (Commonwealth Health Coordination Forum) පසුගියදා පැවැත්විණි.

පොදුරාජ්‍ය මණ්ඩලීය ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වූ මෙම සමුළුවේ මෙවර තේමාව වූයේ “Shaping the Future of cancer across the commonwealth” යන්නයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහභාගී වූ අතර, ඔහු ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු කලාපීය සමුළුවේ සභාපතිවරයා ලෙස ද මෙහිදී විශේෂ නියෝජනයක් සිදු කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන් සහ ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත සුමිත් දසනායක යන මහත්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම දූත පිරිසට ඇතුළත් වූහ.

Popular Articles