spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

බස් රථයේදී කාන්තාවකට ලිංගික අතවර කළ කොන්දොස්තර කොටුවෙයි!

මොණරාගල මාර්ගයේ ධාවනය වූ පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළ බව කියන කොන්දොස්තරවරයෙකු මොණරාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොණරාගල සිට බිබිල දක්වා ධාවනය වූ මෙම පෞද්ගලික බස් රථයේ ගමන් කරමින් සිටි 26 හැවිරිදි කාන්තාවක් මෙම අතවරයට ලක්ව ඇත. ඇය බස් රථයේ සිටගෙන ගමන් කරමින් සිටියදී සැකකාර කොන්දොස්තරවරයා විසින් ඇයගේ සිරුර ස්පර්ශ කරමින් ලිංගික අතවර සිදු කර තිබේ.

සිද්ධියෙන් අනතුරුව නිවසට ගිය කාන්තාව ඒ පිළිබඳව සිය සැමියා දැනුවත් කර ඇති අතර, පසුව ඇය මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් වී තිබේ. රෝහල් පොලීසිය හරහා සිදුකළ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ මොණරාගල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගැනීමට පියවර ගත්තේය.

සැකකරු මොණරාගල, සිරිගල පහළ කොටස දෙමළ ගම්මානයේ පදිංචි අයෙකි.

ඔහු 24 හැවිරිදි වියේ පසුවන්නෙකි.

සැකකරු මොණරාගල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

මොණරාගල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද සිල්වා මහතාගේ උපදෙස් මත කාන්තා කාර්යංශයේ නිලධාරිනියන් විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.

Popular Articles