2026 අප්‍රේල් 19 වන දින පස්වරු , මහරගම ප්‍රදේශයේ දෙමහල් නිවසක ඇති වූ ගින්නෙන් දැඩි පිළිස්සුම් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු මියගොස් ඇත.
පොලීසිය පවසන්නේ මියගොස් ඇත්තේ එම නිවසේ හිමිකරු බවයි. ඒ අනුව මෙම ගින්නෙන් මියගිය සංඛ්‍යාව 3 දක්වා ඉහළ ගොස් ඇත.
වැඩිදුරටත් පොලීසිය සඳහන් කළේ, මෙම ගින්න නිවසේ හිමිකරු විසින්ම සකස් කර ඇති බවට පරීක්ෂණවලින් හෙළි වී ඇති බවයි.
මෙම සිද්ධියෙන් මීට පෙර 55 හැවිරිදි මවක් සහ ඇගේ 16 හැවිරිදි දියණිය මරණයට පත්වී තිබූ අතර, තවත් දෙදෙනෙකු දැඩි පිළිස්සුම් තුවාල සමඟ රෝහල්ගත කර ඇත.



