ජාත්‍යන්තර කම්කරු දිනය සහ වෙසක් උත්සවය සැලකිල්ලට ගනිමින් මැයි මාසයේ දින තුනක් පුරා දිවයින පුරා සියලුම සුරාසල් වසා තැබීමට නියමිත බව සුරාබදු දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව, ජාත්‍යන්තර කම්කරු දිනයට යෙදෙන මැයි 1 වනදා සුරාසල් වසා තැබේ.
තවද, වෙසක් පුර පෝය යෙදෙන මැයි 30 වනදා සහ එයට පසු දින වන මැයි 31 වනදාද සුරාසල් වසා තැබෙනු ඇත.
මේ අතර, මහා සංඝරත්නයගේ ඉල්ලීමක් අනුව මැයි 30 වනදා වෙසක් පුර පෝය දිනය ලෙස රජය විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති අතර, මැයි 31 වනදා පොදු නිවාඩු දිනයක් ලෙසද ප්‍රකාශ කර ඇත.
අමතරව, රාජ්‍ය වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා ප්‍රකාශයට පත් කර ඇත.



