Tuesday, May 26, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මෙනින්ජිටිස් රෝගය පාලනයට සෞඛ්‍ය අංශවලින් නව උපදෙස් මාලාවක්!

පාසල් දරුවන් අතර මෙනින්ජිටිස් රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් නිරීක්ෂණය වීමත් සමඟ, එය පාලනය කිරීම සඳහා වසංගත රෝග විද්‍යා අංශය විසින් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

ප්‍රධාන රෝග ලක්ෂණ,

  • උණ, හිසරදය සහ වමනය.
  • සාමාන්‍යයෙන් දින 7ක් තුළ රෝගය සුව අතට පත්වේ.
  • වෛරසයට නිරාවරණය වී දින 3ත් 7ත් අතර කාලයේදී රෝග ලක්ෂණ මතු විය හැක.

රෝගය බෝ වන ආකාරය,

  • අපවිත්‍ර වූ ජලය සහ ආහාර (මළ-මුඛ මාර්ගයෙන්).
  • රෝගියකු කැස්ස හෝ කිවිසීමේදී පිටවන බිඳිති (Droplets) මඟින්.
  • සමීප ඇසුරෙන් ශ්වසන පද්ධතිය හරහා.

ආරක්ෂිත පියවර,

  • සබන් යොදා දෑත් හොඳින් සේදීම.
  • කැස්ස හෝ කිවිසීමේදී මුඛය සහ නාසය වැලමිට ඇතුළු පැත්තෙන් හෝ ලේන්සුවකින්/ටිෂූ එකකින් ආවරණය කර ගැනීම.
  • රෝග ලක්ෂණ ඇති අය සමඟ සමීප සබඳතා පැවැත්වීමෙන් වැළකීම.
  • නිවස සහ ගොඩනැගිලි තුළ හොඳින් වාතාශ්‍රය ලැබීමට සැලැස්වීම.
  • ප්‍රජා මට්ටමින් සහ ආයතනික වශයෙන් මෙම උපදෙස් පිළිපැදීම මගින් රෝග ව්‍යාප්තිය පාලනයට සහයෝගය ලබා දෙන්න.

Popular Articles