Wednesday, June 3, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

මෙම වසරේ දෙසැම්බර් මස පැවැත්වෙන 2026 (O/L) සාමාන්‍ය පෙළ ලියන සිසුන්ට වැදගත් පණිවිඩයක්!

ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරනු ලබන සියලුම විභාග සඳහා ඉදිරියේදී අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් (NIC) අංකය ඇතුළත් කිරීම අනිවාර්ය කිරීමට පියවර ගෙන ඇති බව එම දෙපාර්තමේන්තුව නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි.

විශේෂයෙන්ම, 2026 වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතව ඇති 2026 අ.පො.ස (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා පෙනී සිටීමට අපේක්ෂා කරන සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ජාතික හැඳුනුම්පත් කඩිනමින් සකස් කර දීමට පියවර ගන්නා ලෙස දිවයිනේ සියලුම පාසල් විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් නිල උපදෙස් මාලාවක් යොමු කර ඇති බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විභාග දෙපාර්තමේන්තුව අවධාරණය කරන්නේ ඉදිරියේදී 2026 සාමාන්‍ය පෙළ විභාගය සඳහා නිල වශයෙන් අයදුම්පත් කැඳවීම ආරම්භ කිරීමට නියමිතව ඇති බවයි.

එම අයදුම්පත් කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ වීමට ප්‍රථම, තමන්ට අදාළ ජාතික හැඳුනුම්පත නිසි පරිදි සකස් කර තබා ගැනීම,

  • සියලුම පාසල් අයදුම්කරුවන්ගේ
  • සියලුම පෞද්ගලික අයදුම්කරුවන්ගේ

පරම වගකීමක් වන බව එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ. මේ හේතුවෙන් විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තු වන සියලුම දෙනා මේ පිළිබඳව අවධානය යොමු කර කඩිනමින් හැඳුනුම්පත් සකස් කර ගැනීමට කටයුතු කළ යුතුය.

Popular Articles