මැයි මස 18 වැනිදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසලදී රාජ්ය නිලධාරීන් සහ පිරිසක් අතර ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශ මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල මහෙස්ත්රාත් අධිකරණය අද (25) නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහා අද උදෑසන තලංගම පොලිසිය වෙත පැමිණි අවස්ථාවේදී හිටපු මන්ත්රීවරයාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
එහිදී කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා, සැකකරු සහ තවත් අයෙකු රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.




