spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

රවීට උදව් කල ශ්‍යාමිලා පෙරේරා අත්අඩංගුවට

කලක් ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළ ශ්‍යාමිලා පෙරේරා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ ඇය ජාතික ලොතරැයි මණ්ඩලයේ සභාපතිව සිටි සමයේ සේවයට බඳවාගන්නා ලද නිලධාරීන් තිදෙනෙකු එම ආයනයේ බඳවා ගත් රාජකාරියෙන් පරිබාහිර සේවයේ යෙදවීම තුළින් දුෂණය නැමැති වරද සිදුකිරීමේ චෝදනාව මතය.

ඇය විසින් එසේ බඳවාගත් සේවකයින් තිදෙනා එහි සේවයට නොයොදවා එවකට ඇමතිව සිරි රවී කරුණානායකගේ කාර්යාල මණ්ඩලයේ සේවයට යොදවා තිබී ඇත.

පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂක රනිල් වික්‍රමසිංහ එම ජනාධිපතිවරණයට ඉදිරිපත්වූය සිලින්ඩරය ලකුණ යටතේ ඇති නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ලේකම් වන්නේද මෙමශ්‍යාමිලා පෙරේරාය. රවී කරුණානායක සහ ෆයිසර් මුස්තාපා යන මන්ත්‍රීවරුන් දෙනාද පාර්ලිමේන්තුව නියෝජනය කරන්⁣නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතිකලැයිස්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු ලෙසය.

Popular Articles