රාජගිරිය, මැදවැලිකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහා පරිමාණ සයිබර් අපරාධ මධ්‍යස්ථානයක් වටලා රටවල් 9කට අයත් විදේශිකයන් 120 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් පිරිස අතර ප්‍රධාන වශයෙන් චීන, තායිලන්ත, මැලේසියානු සහ වියට්නාම් ජාතිකයින් සිටින බවයි.
විදේශිකයන් පිරිස මෙරට ආගමන විගමන නීති උල්ලංඝනය කරමින් රැඳී සිටීම සහ ජාත්‍යන්තර මට්ටමේ පරිගණක අපරාධවලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.
සැකකරුවන් සන්තකයේ තිබූ, සයිබර් අපරාධ සඳහා යොදාගත් බවට සැක කෙරෙන රුපියල් කෝටි 10කට අධික වටිනාකමකින් යුත් නවීන පරිගණක සහ සන්නිවේදන උපකරණ තොගයක් පොලිස් භාරයට ගත් දේපළ අතර වේ.
අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් පරිගණක අපරාධ වැරදි යටතේ ඉදිරි පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
මෙම වැටලීම මෑත කාලයේ මෙරටදී සිදුකළ විශාලතම සයිබර් අපරාධ මැඩලීමේ මෙහෙයුමක් ලෙස සැලකේ.
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කරගනිමින් සිදුවන ජාත්‍යන්තර මූල්‍ය වංචා සහ සයිබර් ජාල මර්දනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබේ.




