spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

රුසියාව යුක්‍රේනය දෙදරවූ පැය 5 ක දැවැන්තම මිසයිල ප්‍රහාරය (වීඩියෝ)



​පැය 5කට වඩා වැඩි කාලයක් එක දිගට ගගහා හිටියා! මුළු කියෝව් (Kyiv) නගරයම දෙදරාගෙන ගියා…
​අහසින්, පොළොවෙන් විතරක් නෙවෙයි… නාවික බලඇණිවලිනුත් එකවර ප්‍රහාර! රේඩාර් පද්ධතිවලට පවා හඳුනාගන්න අමාරු, අතිනවීන ස්ටෙල්ත් (Stealth) තාක්ෂණය සහිත මිසයිල සහ ස්වයංක්‍රීය ඩ්‍රෝනා යානා සිය ගණනක් එකවර යුක්‍රේන අහසට කඩා වැදුණා.
​මේක නිකම්ම නිකම් ප්‍රහාරයක් නෙවෙයි. රුසියාව මෑත කාලයේදී යුක්‍රේනයට එල්ල කරපු බරපතලම සහ සංකීර්ණම මිසයිල ප්‍රහාර මාලාව

“රාත්‍රී කාලයේ ආරම්භ වුණු මේ ප්‍රහාරය පාන්දර වෙනකම්ම, ඒ කියන්නේ පැය 5කටත් වඩා වැඩි කාලයක් එක දිගට ක්‍රියාත්මක වුණා. කියෝව් නගරයේ වැසියන්ට මුළු රාත්‍රියම ගත කරන්න සිද්ධ වුණේ පොළොව යට තියෙන මැට්‍රෝ දුම්රිය ස්ථානවල සහ ආරක්ෂිත බංකර් ඇතුළේ.
​රුසියානු මූලෝපාය වුණේ එක පාරටම ප්‍රහාර සිය ගණනක් එල්ල කරලා යුක්‍රේනයේ ගුවන් ආරක්ෂිත පද්ධති (Air Defense Systems) අක්‍රිය කරන එක…


​මේ සඳහා ප්‍රහාරක ඩ්‍රෝන යානා සිය ගණනක් මුලින්ම යැව්වා. ඒ හරහා යුක්‍රේන රේඩාර් සහ මිසයිල විදින පද්ධතිවල අවධානය වෙනතකට යොමු කරලා, ඊට පස්සේ තමයි ඔවුන්ගේ මාරාන්තික මිසයිල ප්‍රහාරය එල්ල කළේ.
​3. රේඩාර්වලට අසුනොවන මිසයිල සහ රුසියානු ආයුධ

“මේ ප්‍රහාරයේ තිබුණු විශේෂම සහ භයානකම දේ තමයි රුසියාව භාවිතා කරපු මිසයිල තාක්ෂණය.
​රුසියාව මෙහිදී Kh-101 क्रූස් මිසයිල (Kh-101 Cruise Missiles) විශාල ප්‍රමාණයක් භාවිත කළා. මේවායේ තිබෙන විශේෂත්වය තමයි, ඒවා රේඩාර් තරංග උරාගන්නා විශේෂිත ආලේපනයකින් (Radar-Absorbing Material) සහ ස්ටෙල්ත් (Stealth) හැඩයකින් යුක්ත වීම. ඒ විතරක් නෙවෙයි, මේ මිසයිල ගමන් කරන්නේ පොළොවට අඩි කිහිපයක් උඩින්, කඳු සහ ගස් අතරින් රේඩාර් රේඩියස් එකට හසු නොවී!..
​ඊට අමතරව, ශබ්දය මෙන් 10 ගුණයක වේගයෙන් යන ‘කින්සාල්’ (Kinzhal Hypersonic Missile) හයිපර්සොනික් මිසයිලත්, Iskander-M බැලස්ටික් මිසයිලත් ඔවුන් යොදාගත්තා. කින්සාල් මිසයිලයක් විදින මොහොතේ සිට ඉලක්කයට වදින තෙක් තත්පර ගණනක් ඇතුළත ආරක්ෂා වීම කියන්නේ ඕනෑම අතිනවීන ගුවන් ආරක්ෂණ පද්ධතියකට විශාල අභියෝගයක්.”


“රුසියාව මේ ප්‍රහාරය එල්ල කළේ එක මානයකින් නෙවෙයි. මෙය ගුවන්, නාවික සහ පාබල යන සියලු මානයන් එකතු වුණු දැවැන්ත ‘Combined Arms’ ප්‍රහාරයක්.
​ගුවනින්: Tu-95MS සහ Tu-160 ස්ට්‍රැටීජික් බෝම්බ හෙලන යානා රුසියානු අහසේ සිටම ඈත තියා මිසයිල එක පිට එක මුදා හැරියා.
​මුහුදෙන්: කළු මුහුදේ රැඳී තිබෙන රුසියානු නාවික සබ්මැරීන් සහ යුධ නැව්වලින් ‘කාලිබර්’ (Kalibr) ක්‍රූස් මිසයිල කියෝව් නගරය දෙසට එල්ල කළා.
​පාබල සහ කාලතුවක්කු: සටන් බිමේ ඉදිරිපෙළ සීමාවලදී රුසියානු පාබල හමුදාව සහ කාලතුවක්කු බලඇණි එක දිගට ප්‍රහාර එල්ල කරමින් යුක්‍රේන හමුදාවන්ගේ අවධානය වෙනත් දෙසකට යොමු කළා.


​මෙන්න මේ ත්‍රිවිධ හමුදා ප්‍රහාරයන්ගේ එකතුව නිසා තමයි පැය 5ක් පුරා කියෝව් නගරය අඩපණ වී ගියේ.”

“මේ ප්‍රහාරයෙන් යුක්‍රේනයේ බලශක්ති පද්ධතියට සහ වැදගත් යටිතල පහසුකම්වලට බරපතල හානි සිදුවුණා. යුක්‍රේන ගුවන් ආරක්ෂක හමුදාවලට අනුව ඔවුන් මිසයිල සහ ඩ්‍රෝන විශාල ප්‍රමාණයක් අහසේදීම විනාශ කිරීමට සමත් වුණත්, රේඩාර්වලට හසුනොවන සහ අධිවේගී මිසයිල කිහිපයක් ඉලක්ක වෙත පතිත වීම වැළැක්වීමට නොහැකි වුණා..
​මේ ප්‍රහාරයත් එක්කම යුක්‍රේනය බටහිර රටවලින් නැවත වතාවක් ඉල්ලා සිටින්නේ වඩාත් අතිනවීන Patriot සහ IRIS-T වැනි ගුවන් ආරක්ෂණ පද්ධති ලබාදෙන ලෙසයි…



Popular Articles