Thursday, May 21, 2026
spot_imgspot_imgspot_imgspot_img

Top 5 This Week

Related Posts

ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන්ට ශිෂ්‍යාධාර

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහාය දැක්වීමේ අරමුණින් මාසිකව ශිෂ්‍යාධාරයක් පිරිනැමීම කෙරෙහි ජනාධිපති අරමුදලේ අවධානය යොමු වී තිබේ. මෙම තොරතුරු අනාවරණය වූයේ ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සහ ජාතික ලොතරැයි මණ්ඩලයේ හා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ නිලධාරීන් අතර ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදීය.

ලොතරැයි මණ්ඩලවලට විශාල ආදායමක් උපයා දෙන ලොතරැයි අලෙවිකරුවන්ගේ ජීවන තත්ත්වය නොවෙනස්ව පැවතීම පිළිබඳව මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරිණි. ඔවුන්ගේ කැපවීම ඇගයීමට සහ ජීවන බරට සහනයක් වීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ සඳහා ජනාධිපති අරමුදලේ පාලක මණ්ඩලයේ අනුමැතියද මේ වන විට හිමිව ඇත. ජනාධිපති අරමුදල දැනටමත් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් වෙනුවෙන් විවිධ ශිෂ්‍යාධාර ක්‍රම ක්‍රියාත්මක කරන අතර, මෙම නව පියවර එහි තවත් එක් අදියරක් වේ.

Popular Articles